Sunday, Feb 25th

Last update04:58:08 PM GMT

You are here අසිරිමත් මව්බිමක්

අසිරිමත් මව්බිමක්

දිවි නැඟුමට සිවිල් ආරක්ෂක බලකායත් එක්වෙති

  • පී.ඩී.එෆ් (PDF)

C.D.F3තිස් වසරක කුරිරු යුද්ධයේ බියකරු අඳුරු සෙවණැලි මේ බිමෙන් පහ ව ගොස් උදා වූ නිදහසින් පසු රටේ ආර්ථිකය යහපත් කිරීමේ පරමාර්ථයෙන් රජය විසින් ක්‍රියාත්මක කරන ලද දිවි නැඟුම ජාතික වැඩසටහන ගමේ ජීවත්වන සාමාන්‍ය ජනතාවට පමණක් සීමා වූයේ නැහැ.

දිවි නැගුමෙන් දිවි සරිකරන හෝමාගම වැසියෝ

  • පී.ඩී.එෆ් (PDF)

Divinaguma_Homagamaශ්‍රී ලාංකික පුරවැසියා සැබෑ නිදහස්, නිවහල් පුරවැසියෙකු බවට පත් කිරීමට නම් ඔහු ආර්ථික අතින් පොහොසත් පුද්ගලයෙකු බවට පත් කළ යුතු වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම් මත ඇරඹි රටේ සමාජ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙළ අතරට අලුතින් ම එකතු වූයේ ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයක් ඇති කිරීමේ 'දිවි නැඟුම' ජාතික වැඩපිළිවෙළයි.

දහදියේ සතුට විඳින ගුවන්විදුලි මහගෙදර වැසියෝ

  • පී.ඩී.එෆ් (PDF)

slbc_3ලෝක ආහාර අර්බුදයක් ඇතිවේයැයි අනතුරක සේයා ව සැලවීමත් සමඟ ඒ පිළිබඳ ව කල්පනා කරමින්, සංඛ්‍යා‍ ලේඛන සකස් කරමින් නොසිට ඒ මහා විනාශයට මුහුණ දීමට  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍  ‘ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මව්බිමක්’ යන සංකල්පය අනුව ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයක් ඇති කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කරන්නේය. එහි දැවැන්ත භාරදුර වගකීම පැටවෙන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටය.