Thursday, Mar 23rd

Last update04:58:08 PM GMT

You are here අසිරිමත් මව්බිමක් දිවි නැඟුමට සිවිල් ආරක්ෂක බලකායත් එක්වෙති

දිවි නැඟුමට සිවිල් ආරක්ෂක බලකායත් එක්වෙති

  • පී.ඩී.එෆ් (PDF)

C.D.F3තිස් වසරක කුරිරු යුද්ධයේ බියකරු අඳුරු සෙවණැලි මේ බිමෙන් පහ ව ගොස් උදා වූ නිදහසින් පසු රටේ ආර්ථිකය යහපත් කිරීමේ පරමාර්ථයෙන් රජය විසින් ක්‍රියාත්මක කරන ලද දිවි නැඟුම ජාතික වැඩසටහන ගමේ ජීවත්වන සාමාන්‍ය ජනතාවට පමණක් සීමා වූයේ නැහැ.

අද රාජ්‍ය සේවයේ මෙන් ම ආරක්ෂක සේවයේ නියුතු සියලු දෙනාමත් දිවි නැඟුමේ ප්‍රතිලාභ භුක්ති විඳීමට කැමැත්තක් දක්වති.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක දිවි නැඟුම ජාතික වැඩසටහන පොදු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට විශාල දායකත්වයක් සපයනවා.

යුධ සමයේ නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී තර්ජනවලින් පීඩාවට පත් ජනතාවට ආරක්ෂාව සැපයූ නැගෙනහිර පළාතේ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් අද යොමු වී සිටින්නේ ඒ හා සමාන ම ජාතික කාර්යයකටයි.  ඔවුන් අද දිවි නැඟුම වැඩසටහන සඳහා තම සහය උපරිමයෙන් ලබා දීමට කැමැත්තක් දක්වති. C.D.F6

දිවි නැඟුම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහය දැක් වූ හොඳ ම අවස්ථාවන්  ලෙස අරලගංවිල හා වැලිකන්ද ප්‍රදේශයන්හි පිහිටුවා ඇති ගොවිපොළවල් උදාහරණ වේ. මේ වන විටත් ගොවිපොළ 64ක වගා කටයුතු සිදු කරමින් පවතින බව අප වෙත දැනුම් දුන්නේ පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයයි.
C.D.F1
වස විෂෙන් තොර එළවළු, පලතුරු, පලා වර්ග ආහාරයට ගැනීමට ඇත්නම් එය කෙතරම් භාග්‍යයක් ද? උඩරට, පහතරට එළවළු, පලා වර්ග, පලතුරු වර්ග මෙන් ම අල බෝගවලින් ද සමන්විත මෙම ගොවිපොළවල සාර්ථකත්වයට හේතු වී ඇත්තේ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ගේ උපරිම කැපවීමයි.


C.D.F2

C.D.F4


නිදන්වල හා දිඹුලාගල ගොවිපොළවල බිම්මල් වගාවෙන් පරිපූර්ණ වන අතර මිරිදිය මසුන් ඇති කිරීමේ ව්‍යාපෘතියක් ද කඩවත්මඩුව ගම්මානයේ සිදු කරමින් පවතී.

දැනට ක්‍රියාත්මක වන දම්මින්න සිවිල් ආරක්ෂක බලකා ගොවිපොළ ඉදිරියේ දී සංචාරක නිකේතනයක් බවට පත් කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි.

C.D.F5

C.D.F_7මෙම ගොවිපොළවල නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් සිවිල් ආරක්ෂක බලකායේ නැගෙනහිර පළාත් භාර නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩී. චන්ද්‍රපාල මහතා ප්‍රකාශ කළේ පසුගිය යුධ සමයේ නැඟෙනහිර පළාතේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළ සිවිල් ආරක්ෂක බලකාය දිවි නැඟුම ජාතික වැඩසටහන සඳහා ද උපරිම සහය ලබා දෙන බවයි.

 

 

 

 

 

 

සටහන - දිල්හාරි බණ්ඩාර / නිරංජලා දිල්රුක්ෂි හේරත්
ඡායාරූප - ඩබ්. කස්තුරිආරච්චි - පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය