Sunday, Feb 25th

Last update04:58:08 PM GMT

You are here ප්‍රශ්න 10ක් අපෙන් ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යතුමාට

ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යතුමාට

  • පී.ඩී.එෆ් (PDF)

MP_Sm_chandrasena1. මේ වනවිට ශී‍්‍ර ලංකාවේ වන අලි ගහණය කෙතරම් ප‍්‍රමාණයක් සිටී ද?
හය දහසක් පමණ වන අලි දැනට මේ රටේ සිටිනවා.

2. අලි මිනිස් ගැටුම් නිසා ජීවිතක්ෂයට පත් ව ඇති මිනිස් ජීවිත ප‍්‍රමාණය කොපමණ ද?
1990 - 2010 සංගණන වාර්තාව අනුව 1108 දෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.



3. විවිධ හේතූන් නිසා 2000 වසරේ සිට මේ දක්වා මියගොස් ඇති වන අලින්ගේ සංඛ්‍යාව කොපමණ ද?
1990 - 2010 සංගණන වාර්තාව අනුව 2918 දෙනකු මියගොස් තිබෙනවා.

4. මෙරට වන උද්‍යානවල සිටින බව සැළකෙන වන අලි සංඛ්‍යාවන් වෙන් වෙන් වශයෙන් කොපමණ ද?
මහවැලි වනජීවි කලාපයේ 2149යි. නැගෙනහිර පළාතේ 346යි. වයඹ පළාතේ 1400යි.
දකුණු පළාතේ 1336යි. මධ්‍යම පළාතේ 119යි.

5. පින්නවල අලි අනාථාගාරයේ සිටින වන අලි සංඛ්‍යාව කොපමණ ද?
පින්නවල අලි අනාථාගාරය වනජීවි දෙපාර්තමේන්තුවට නො ව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතනයකි.

6. උඩවලව ඇත්අතුරු සෙවණේ රැකවරණය ලබා ඇති වන අලි සංඛ්‍යාව කොපමණ ද?
දැනට අලින් 77ක් මුදා හැර ඇත. මේ වන විට අලි පැටවුන් 42ක් උඩවලවේ රැකවරණය ලබමින් සිටී.

7. වන අලින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවරයන් මොනවාද ?
අලිවැට ඉදිකිරීම. අලි වෙඩි ලබා දීම. අලි පාලන ඒකක ඇති කිරීම. ගජ මිතුරු ව්‍යාපෘතිය ඇති කිරීම.

8. අලිමිනිස් ගැටුම් වැළැක්වීමට දැනට අලිවැට ඉදිකර ඇති ස්ථාන හා ඉදිකළ යුතු යැයි හඳුනාගෙන ඇති ප‍්‍රදේශ මොනවාද?
වයඹ, දකුණ, මහවැලි කලාපය, නැඟෙනහිර, මධ්‍යම, ඌව හා සබරගමුව කලාපයන්හි අලි වැට ඉදිකර තිබේ.

9. වන අලින්ගෙන් උවදුරු පවතින හඳුනාගෙන ඇති ප‍්‍රදේශ මොනවාද ?
වයඹ පොල්පිතිගම, මහවැලි කලාපයේ, දකුණ, නැගෙනහිර හා මධ්‍යම පළාත්වල වන අලි උවදුරු වාර්තා වේ.

10. සංචාරක ආකර්ශනය ලබාගැනීම සඳහා මෙරට අලිගහණය ප‍්‍රයෝජනයට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව ගෙන ඇති ඉදිරි පියවරයන් මොනවාද?
නව වනජීවි කලාප 03ක් හඳුන්වාදීමට තීරණය කොට ඇත. ජාතික වනෝද්‍යාන සියල්ල ම සංචාරකයන් සඳහා විවෘත  කිරීම සිදු කරන අතර වන අලින් නැරඹීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කොට ඇත.

Uda_Walawe