Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග ජනාධිපතිතුමාට චීනයෙන් ගෞරව ආචාර්ය උපාධියක්

ජනාධිපතිතුමාට චීනයෙන් ගෞරව ආචාර්ය උපාධියක්

  • පී.ඩී.එෆ් (PDF)

01ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සිව් දින චීන නිල සංචාරයේදී චීනයේ බෙයිජිං විදේශ භාෂා අධ්‍යයන විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් 2011 අගෝස්තු 11 වන දා  එතුමාට පිරිනැමිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සිව් දින චීන නිල සංචාරයේදී චීනයේ බෙයිජිං විදේශ භාෂා අධ්‍යයන විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් 2011 අගෝස්තු 11 වන දා  එතුමාට පිරිනැමිණි.

එම විශ්වවිද්‍යාලයේ සිසුසිසුවියන් ජනාධිපතිතුමා පිළිගැනීමට එක් ව සිටි අතර බෙයිජිං විදේශ භාෂා අධ්‍යයන විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය චෙන් යුලූ මහතා විසින් ජනාධිපතිතුමා වෙත ගෞරව ආචාර්ය උපාධිය පිරිනමන ලදී.

අනතුරු ව ජනාධිපතිතුමන් ද බෙයිජිං විදේශ භාෂා අධ්‍යයන විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය චෙන් යුලූ මහතා ද උත්සව සභාව ඇමතූහ.

චීනයේ බෙයිජිං විදේශ භාෂා අධ්‍යයන විශ්වවිද්‍යාලයේ නව ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රය විවෘත කරමින් එහි සමරු ඵලකය ජනාධිපතිතුමන් විසින් නිරාවරණය කරන ලදී.

බෙයිජිං විදේශ භාෂා අධ්‍යයන විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය ජනාධිපතිතුමා සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

චීනයේ සිංහල භාෂාව ඉගෙන ගන්නා චීන ශිෂ්‍යශිෂ්‍යාවන් වෙත ජනාධිපතිතුමා විසින් සිංහල පොත් කට්ටල පිරිනැමනු ලැබීම ද එහිදී සිදු කෙරිණි.

ජනාධිපතිතුමන්ගේ එහි සපැමිණීම සිහිපත් කරමින් විශේෂ අමුත්තන්ගේ සමරු පොතේ සමරු සටහනක් තැබීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේ ය.

චීනයත් ශ්‍රී ලංකාවත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සංකේතවත් කරමින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ජනාධිපතිතුමා පැළයක් රෝපණය කළේ ය.

බෙයිජිං විදේශ භාෂා අධ්‍යයන විශ්වවිද්‍යාලයේ ආසියා අප්‍රිකා පීඨාධිපතිනි යැංග් ෂියෝජිංග් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, සජින් වාස් ගුණවර්ධන (පා.ම.), ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු ලේකම් කරුණාතිලක අමුණුගම, චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහත්වරුන් ද සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිනි යැංග් ෂිපිංග් මහත්මිය ද එක් ව සිටියහ.

Hc/ඡායාරූප: සුදත් සිල්වා

01

02-Sinhala

 03

04-Digree-Certificate

05-Digree-Certificate

06-President-gift-to-the-President-of-University

07

08

09

10.-Audiance

11.-Audiance

14-Tree-planting

15-Treeplanting

16-1st-Sihala-Student

17-Gift-Sinhala-books

18

19