Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

  • පී.ඩී.එෆ් (PDF)

emergency_release_parli_196_200

2011 අගෝස්තු 25 වෙනි බ්‍රහස්පතින්දා, 15:09

ප්‍රජාතන්ත්‍රවාදී ව රටේ ඉදිරි කටයුතු සාමාන්‍ය නීතිය යටතේ පවත්වා ගැනීමට හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ  අද (25) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රටේ පාලන කටයුතු සඳහා හදිසි නීතියේ අවශ්‍යතාවක් මේ වන විට නොමැති බවට සෑහීමකට පත් වී ඇති නිසා මෙම යෝජනාව ගෙනෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා 1983 කළු ජූලිය සමඟ රටේ පූජනීය ස්ථාන, ජන ජීවිත හා  දේපොළ  විනාශ කිරීම් මඟින් එල්ටීටීඊ ය ප්‍රවේශ වූ ත්‍රස්තවාදය හේතුවෙන් හදිසි නීතිය මත රට පාලනය කිරීමට අවාසනාවන්ත පරිසරයක් ගොඩනැගුණු බවද ප්‍රකාශ කළේය.

2010 වන විට ආර්ථික වර්ධන වේගය 8%ක් දක්වා ඉහළ නැංවීමට හැකි වූ බව පැවසු ජනාධිපතිතුමා සංචාරකයන්ගේ පැමිණීම ද මේ වන විට වර්ධනය වී ඇති බව කීය.

2009 වසර මැයි මාසයේ දී ත්‍රස්තවාදී ක්‍රියා අවසන් වීමෙන් පසු මේ දක්වා කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් රටේ වාර්ත‍ා වී නොමැත. එම කාලය තුළ මැතිවරණ කිහිපයක් ම පවත්වා ඇති අතර එම මැතිවරණයන් ඉතා සාමකාමී හා  සාධාරණ බවට සමාජය පිළිගෙන තිබෙන බවද ජනාධිපතිතුමා පැවසීය.

'ඒ නිසාම පසුගිය කාලය තුළ  හදිසි නීතියේ විවිධ කොන්දේසි ඉවත් කරමින්  අපේ සමාජය සාමාන්‍ය පරිපාලනයකට ගෙන ඒමට අප සමත්වී තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ද ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියා වාර්තා නොවන බව පිළිගෙන තිබෙනවා. එපමණක් නොව ත්‍රස්තවාදීන් පෝෂණය කරන මුල්‍ය ගනුදෙනු, භාණ්ඩ  හුවමාරු කිරීම්, මත්ද්‍රව්‍ය, මුල්‍ය හා බැංකු ක්ෂේත්‍රවල අවදානම් වළක්වාගත හැකි ජාත්‍යන්තර ව පිළිගනු ලබන නීති රීති රාශියක් ද අප විසින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට අමතර ව  එම නීති රීති මඟින් ත්‍රස්තවාදය ඇති වීමට ඇති ඉඩප්‍රස්ථා වළක්වා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගෙන පාර්ලිමේන්තුව මඟින් සම්මත කරගෙන ඇති නීති රීති මඟින් නීතිය හා සාමය රැකීමට අපේ රජයට හැකිවී තිබීම ගැන සඳහන් කරන්නේ ඉතා ආඩම්බරයෙන්’

වසර ගණනකට පසු ලබා ගත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැක ගැනීම අපේ වගකීමක් වන බවත්, නීතිය අතට ගනිමින් අවිචාරාත්මක ලෙස ක්‍රියාත්මක වන්නන්ට රටේ නීතිය තුළ කිසිදු ඉඩක් ඇති නොවීමට රාජ්‍ය පරිපාලනය හා පොලීසිය සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වීම ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ප්‍රකාශ කළ ජනාධිපතිතුමා
ඒ ජයග්‍රහණය මේ රටට ලබා ගත හැකි වූයේ වීරෝදාර රණවිරුවන් දැඩි වු කැපවීමෙන් මානුෂීය මෙහෙයුම අවසන් කළ නිසා මෙන් ම ඒ සඳහා මේ රටේ ජනතාව ඉවසිලිවන්ත ව පරිත්‍යාගශීලී ව කටයුතු කළ නිසා බවත් පැවසීය.

‘වසර ගණනාවක පටන් සෑම මාසයක ම හදිසි නීතිය සම්මත කළා. ඇතැම් අය එයට විරුද්ධව ඡන්දය දෙනු ලැබුවා. ඇතැම් අය ඡන්දය දීමෙන් වැළකී සිටියා’.

ප්‍රථම වරට ත්‍රස්තවාදී බලපෑම්වලින් තොර ව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අපේ රටේ පවත්නා ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපට අවස්ථාවක් ලැබී තිබෙනවා යැයි පැවසූ ජනාධිපතිතුමා ඒ නිසා එම අවස්ථාව මේ රටට උදාකර දෙන ලෙස මේ රටේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ දී නැගී සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හදිසි නීතිය ඉවත් කිරීම පිළිබඳ ව කළ ප්‍රකාශයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බවත් එය හොඳ ආරම්භයක් වනු ඇතැයි ද තමා විශ්වාස කරන බවත් පැවසීය.

DB

www.sinhala.news.lk

http://sinhala.news.lk/index.php?option=com_content&view=article&id=25189:2011-08-25-09-43-09&catid=41:2010-12-21-18-24-33&Itemid=528

හදිසි නීතිය ඉවතට - ජනපති යෝජනාව ඉදිරිපත් කරයි

යාවත්කාලීන වේලාව: 8/27/2011 1:08:56 PM

දශක කිහිපයක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

රටේ පාලන කටයුතු සඳහා හදිසි නීතියක අවශ්‍යතාවක් දැන් නොමැති බවට තමා සෑහීමකට පත්ව ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදීව රටේ ඉදිරි කටයුතු සාමාන්‍ය නීතිය යටතේ පවත්වාගෙන යාමට හැකියාව ඇති බවත් හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

විධායක ජනාධිපති ධූරය මේ රටේ ඇති කිරීමෙන් පසු බිහි වූ ජනාධිපතිවරුන් අතුරින් පාර්ලිමේන්තු කටයුතුවලට වැඩියෙන්ම සහභාගි වූ ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවත් ජනාධිපති ධූරයත් අතර සම්බන්ධය තව තවත් තහවුරු කරමින් මැති ඇමැතිවරුන්ගේ උණුසුම් පිළිගැනීම මැද්දේ පාර්ලිමේන්තුවට ඊයේ (25) පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, හදිසි නීතිය මුළුමනින්ම ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කළේ ය.

හදිසි නීතිය යටතේ 2005 ට පෙර අවස්ථා ගණනාවක දීම මේ රටේ පුවත්පත් වාරණයක් පවා ක්‍රියාත්මක වූ බව මෙහි දී සිහිපත් කළ ජනාධිපතිවරයා, මේ රජය ලොව දරුණුම ත්‍රස්තවාදයට එරෙහිව දැවැන්ත සටනක් කරමින් වුව ද හදිසි නීතිය යටතේ පුවත්පත් වාරණයක් සිදු නොකළ බව පෙන්වා දුන්නේ ය.

එදා මානුෂික මෙහෙයුමට ඉතා බරපතළ ලෙස මාධ්‍ය මගින් බාධා එල්ල කළත් මේ දක්වාම තම පාලනය යටතේ මාධ්‍යය වාරණයක් සිදු කොට නැතැයි අවධාරණය කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එමගින් මෙය සැබෑ මානුෂික මෙහෙයුමක් බව ලොවට පෙන්වා දීමට හොඳම සාධකයක් බව ද කීවේ ය.

2006 ජූනි මස සිට 2009 මැයි දක්වා කාලය තුළ රජය මගින් ක්‍රියාත්මක කළ මානුෂික මෙහෙයුමෙන් ත්‍රස්තවාදය මේ රටින් තුරන් කිරීමට හැකි වූ බව ද එතැන් සිට මේ දක්වා එම ප්‍රදේශවල ජන ජීවිතය විවෘත කිරීමට අවශ්‍ය කටයුතු යොදන බව ද 3,00000 කට ආසන්න අවතැන් ව සිටි පිරිසෙන් 8000 ක් හැරුණ විට ඉතිරි පිරිස තමන් පදිංචි ස්ථානවල නැවත පදිංචි කර ඇතැයි ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කීවේ ය.

හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මැතිතුමා විසින් පාර්ලිමේන්තුවේ දී කරන ලද විශේෂ ප්‍රකාශය

ගරු කතානාකතුමනි,

විධායක ජනාධිපති ධුරය මේ රටේ ඇති කිරීමෙන් පසු බිහි වූ ජනාධිපතිවරුන්ගෙන් පාර්ලිමේන්තු කටයුතුවලට වැඩියෙන්ම සහභාගී වූ ජනාධිපතිවරයා වශයෙන් අද නැවතත් මේ පාර්ලිමේන්තුවේ පෙනී සිටින්නේ පාර්ලිමේන්තුවත් ජනාධිපති ධුරයත් අතර පවැවතිය යුතු සම්බන්ධය තව තවත් තහවුරු කිරීමේ අධිෂ්ඨානයෙන් යුතුවයි. මා ජනාධිපති වූ තැන් සිටම සෑම අයවැයක්ම මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම`ගින් ක්‍රියාත්මක කළ ආර්ථීක හා සංවර්ධන වැඩපිළිවෙළට පාර්ලිමේන්තුවේ අඛණ්ඩ සහාය මට ලබා ගැනීමට හැකි වුණා. පසුගිය අයවැය විවාදය අවසන් කිරීමට ද මා පැමිණියේ අයවැය ක්‍රියාවලියේ පාර්ලිමේන්තුව හා රජයේ සම්බන්ධය තවත් පුළුල් කරමිනුයි. මගේ සෘජු අධීක‍්ෂණයෙන් පවතින අමාත්‍යාංශ සඳහා ඇති පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවල මා නිතර නිතර සහභාගී වීමෙන් ඇමතිවරයෙකු වශයෙන් මාගේ පාර්ලිමේන්තු කාර්යභාරය ද සැලකිය යුතු ලෙස ඉටු කිරීමට සමත්වීම ගැන මා නිහතමානීව ආඩම්බර වෙනවා. විධායකයත්, ව්‍යවස්ථාදායකයත් දැඩි සම්බන්ධතාවයකින් කටයුතු කිරීමට පෙළ ගැසීම ත්‍රස්තවාදයෙන් නිදහස් වූ අපේ රට වෙනුවෙන් අප ඉටු කළ යුතු විශාල කාර්යභාරයක්. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, යහපාලනයක් තිරසාර ලෙස ගොඩනැගීමටත්, ආර්ථීකය ශක්තිමත් කිරීමටත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්තවාදය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමටත් ව්‍යවස්ථාදායකයත්, විධායකයත් දැඩි සම්බන්ධතාවයකින් කටයුතු කිරීම හේතු වනු ඇතැයි මා විශ්වාස කරනවා.
ගරු කතානායකතුමනි,

1983 කළු ජූලිය සමඟ පූජනීය ස්ථාන, ජන ජීවිත හා දේපල විනාශ කිරීම මඟින් එල්ටීටීඊ ය ප්‍රවේශ වූ බියකරු ත්‍රස්තවාදය හදිසි නීතිය මත රට පාලනය කිරීමට අවාසනාවන්ත පරිසරයක් ගොඩනැගුවා. 1988-1989 කාලයේ දකුණේ ව්‍යාප්ත වූ ත්‍රස්තවාදී කැරලි ද ඒ කාලයේ සිට ක්‍රමයෙන් උත්සන්න වූ දේශපාලනඥයින් ඝාතනය කිරීම තුළින් ද හදිසි නීතියේ අවශ්‍යතාවය සාධාරණීකරණය කළා. 2002 ජාත්‍යන්තරයේ සහභාගීත්වයෙන් ද ඇති කර ගත් සාම ගිවිසුම තුළ සාමයට ප්‍රවේශ වීමට දොර විවෘත කිරීමක් ලෙස ඉවත් කළ හදිසි නීතිය නැවත හිස එසවූයේ එම සාම ගිවිසුම ම එල්ටීටීඊ ය විසින් අවස්ථා ගණනාවක දී ම නිරන්තරයෙන් උල්ලංඝනය කිරීමත් එහි උත්සන්න අවස්ථාවක් ලෙස ලෂ්මන් කදිරගාමර් විදේශ අමාත්‍යවරයා ඝාතනය කිරීමත් නිසයි. 2005 මගේ නායකත්වයෙන් මේ රටේ රාජ්‍ය පාලනයේ වගකීම භාර ගන්නා විට අපිට උරුම වූයේ මෙවැනි පරිසරයක්.

ගරු කතානායකමතුමනි,

2005 දී මා බලයට පත් වන විට ක්‍රියාත්මක වෙමින් තිබුණ සාම සාකච්ඡා ඉදිරියට ගෙන යාමට දැඩි උත්සාහයක් ගනු ලැබූවත්, එල්ටීටීඊ ය විසින් කැබිතිගොල්ලෑවේ කරනු ලැබූ සමූල මිනිස් ඝාතනයත්, ඉන් පසු මාවිල්ආරු ජලාශය අවහිර කිරීමත් නිසා මානුෂික මෙහෙවරක් මෙහෙයවීමට අපට සිදු වුණා. නැගෙනහිර ප්‍රදේශය මුදා ගැනීමත් ඉන් පසු උතුරු ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමත් සිදු කළේ මෙම මතු වූ පරිසරය තුළ යි. මුළු මහත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ දී ප්‍රාණ ඇපකරුවන් වූ අතිවිශාල අහිංසක ජනකොටසක් සඳහා සහන සැලසිමත්,

ඒ අය නැවත පදිංචි කිරීමේ ක්ෂණික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත් අපිට හදිසි නීතිය ප්‍රයෝජනවත් වුණා.

ගරු කතානායකමතුමනි,

හදිසි නීතිය යටතේ 2005 ට පෙර අවස්ථා ගණනාවකදීම මේ රටේ පුවත්පත් වාරණයක් පවා ක්‍රියාත්මක කළ බවත් ඔබ දන්නවා. එහෙත් ලොව දරුණුම ත්‍රස්තවාදයට එරෙහිව දැවැන්ත සටනක් කිරීමට සිදුවුවත් අප පාලන කාලය තුළ හදිසි නීතිය යටතේ පුවත්පත් වාරණයක් සහ පාලනයක් ගෙන ආවේ නැහැ. මානුෂික මෙහෙයුමට එදා බරපතල ලෙස සමහර මාධ්‍ය මගින් බාධාවන් එල්ල කළත්, මේ දක්වා අප මාධ්‍ය වාරණයක් සිදු කරන්නට උත්සාහ කළේ නැහැ. එය අප කළ සැබෑ මෙහෙයුමක් බව ලොවට පෙන්වන්නට තිඛෙන හොඳම සාධකයක් යැයි මා විශ්වාස කරනවා. නමුත් ඒ මාධ්‍ය නිදහස පවා අද පාවිච්චියට ගන්නේ අප මෙ‍හයුම අපකීර්තියට ලක්කරන්නට බව මා ප්‍රකාශ කරන්නේ ඉතාම කණගාටුවෙන් යුතුව යි.

2006 ජූනි මස සිට 2009 මැයි මස දක්වා කාලය තුළ අප මෙහෙය වූ මානුෂික මෙහෙවර මගින් ත්‍රස්තවාදය මේ රටින් තුරන් කිරීමට අපට හැකි වුණා. එතැන් සිට එම ප්‍රදේශ ජනජීවිතයට විවෘත කිරීමට අවශ්‍ය වන පරිදි බිම් බෝම්බ ඉවත් කිරීමටත්, මූලික යටිතල පහසුකම් සැපයීමත්, අවතැන් වූවන් යළි පදිංචි කිරීමත් අපේ ප්‍රධාන වගකීමක් බව ඔබතුමා දන්නවා. එම කාර්යයේ උසස් ප්‍රතිඵල අපට ලබා ගත හැකි වුණා. 300,000කට ආසන්නව අවතැන් වී සිටි පිරිසෙන් 8,000ක් හැරුනවිට ඉතිරි අය තමන් පදිංචි ස්ථානවල නැවත පදිංචි කර තිඛෙනවා කියන එකත් ඔබට මතක් කරනවා. එම ප්‍රදේශවල පාසල් සෞඛ්‍ය පරිපාලන පහසුකම් යළි ඇති කර තිඛෙනවා. ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ජීවනෝපාය මාර්ග ඇති කිරීම සඳහා කෘෂිකර්මය, සත්ව පාලනය, ධීවර, සංචාරක, වෙළෙඳ, මූල්‍ය කටයුතු යථා තත්ත්වයට පත් කර තිඛෙනවා. මේ වනවිටත් එම ප්‍රදේශ යල් කන්නයේ වී අස්වැන්න මෙන් ලූණු, එළවළු වැනි අතිරේක භෝගවල අස්වැන්න ද නෙලා ගැනීමේ අවස්ථාවට පැමිණ තිඛෙනවා. එම ප්‍රදේශවල ජනතාව ධීවර හා සත්ව කටයුතුවල පමණක් නොව ඉහළ මට්ටමක වාණිජ කටයුතුවලට ද ක්‍රමයෙන් ප්‍රවේශ වන බව ඔබ දන්නවා.

ප්‍රදේශයේ තිරසාර සංවර්ධනයක් සඳහා අවශ්‍ය මංමාවත්, දුම්රිය මාර්ග, වරාය, ගුවන් තොටුපල, වාරිමාර්ග, ජල සම්පාදන, විදුලිය, වෙළෙඳපොළ, ගමනාගමන කටයුතු පමණක් නොව ආගමික හා කලා මධ්‍යස්ථාන, ක්‍රීඩාංගණ පහසුකම් ඇතුළු සමස්ථ යටිතල පහසුකම් සංවර්ධනයකට එම ප්‍රදේශය යොමු කර තිඛෙනවා. එම ප්‍රදේශය සඳහා පමණක් වෙන් කර ඇති රජයේ ආයෝජනය ඩොලර් මිලියන 2000 ඉක්ම වනවා. මෙම මුදල් විවිධ රටවලින් හා මූල්‍ය ආයතන දිගුකාලීන ණය හා ආධාර වශයෙන් මෙම රජයේ බදු හා බදු නොවන ආදායම් මාර්ගවලින් ද කරනු ලබන සංවර්ධන කටයුතු යි. ඉදිරි වසර දෙක තුළ මෙම ප්‍රදේශයේ පූර්ණ සංවර්ධනයක් අපි අපේක‍ෂා කරනවා.

ගරු කතානායකතුමනි,

ත්‍රස්තවාදී ක්‍රියාවලියෙන් මුළුමහත් දිවයින මුදා ගැනීමත්, ත්‍රස්තවාදී උවදුරට ලක් වූ ප්‍රදේශ යළි ගොඩනැගීමත් පමණක් නොව මෙම කෙටි කාලය තුළ එම ප්‍රදේශවල ප්‍රාදේශීය මැතිවරණ ද පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයෙන් ශක්තිමත් කර තිඛෙනවා. ඉදිරි වසර තුළ පළාත් සභා සඳහා ද මැතිවරණ පැවැත්වීමට අපි අපේක‍ෂා කරනවා. මෙමඟින් ප්‍රාදේශීය සභාත්, පළාත් සභාත්, පාර්ලිමේන්තුව සඳහාත්, ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහාත් උතුරු ප්‍රදේශයේ ජනතාවට අනෙකුත් ප්‍රදේශවල මෙන්ම එක හා සමාන අවස්ථාවක් උදා කර දීමට අප සමත් වී තිඛෙනවා.

ගරු කතානායකතුමනි,

රාජ්‍ය පරිපාලනය ක්‍රියාත්මක කිරීම සඳහා ද සියලූ දිස්ත්‍රික්වල දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සෞඛ්‍ය හා අධ්‍යාපන කෙෂ්ත්‍රවල නිරත වන වෛද්‍යවරුන්, ගුරුවරුන් හා අනෙකුත් සේවකයන් එම ප්‍රදේශවලට අවශ්‍ය පරිදි යොදවා තිඛෙනවා. රාජ්‍ය සේවයේ මෙම ව්‍යාපෘතියත් සමඟ එම ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට අවශ්‍ය සාමාන්‍ය පරිසරය ගොඩනැගීමට කටයුතු යොදා තිඛෙන එම ප්‍රදේශවල වැඩ කරන නිලධාරීන්ගේ භාෂා දැනුම පුළුල් කිරීමත්, අනෙකුත් ප්‍රදේශවල රාජ්‍ය සේවයකින් සඳහා සියලූ භාෂාවලින් වැඩ කිරීමට හැකි වන පරිදි ජාතික වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කර තිඛෙනවා.

ගරු කතානායකතුමනි,

ආර්ථීක සංවර්ධනයේ දී ද අප පුළුල් ප්‍රගතියක් මේ වන විට ලබා තිඛෙනවා. 2010 වර්ෂයේ අපේ රටේ ආර්ථීක වර්ධන වේගය 8% ක් දක්වා ගෙන ඒමට අප සමත් වුණා. එම ප්‍රවනතාවය මෙම වර්ෂයේ මුල් 06 මාසය තුළ ද පැවති බව සංඛ්‍යා ලේඛන මඟින් පැහැදිලි වෙනවා. රටේ උද්ධමනකාරී තත්ත්වය අඩු වීමත් ආහාර හා එළවළු සුලභ වීමෙන් ආහාර සුරක‍ෂිතතාවය තහවුරු වීමකුත් අප දකිනවා. රැකී රක‍ෂා හිඟය 05% දක්වාත් අඩු වී තිඛෙනවා. සංචාරකයින්ගේ පැමිණීම ලක‍ෂ 07 කට පමණ ඉහළ අගයකට ළඟා වී තිඛෙනවා.

දිවයිනේ සෑම ප්‍රදේශයකම විදේශීය සංචාරකයින්ට මෙන්ම දේශීය සංචාරකයින්ට ද නිදහසේ ගමන් කිරීමට සුදුසු පරිසරයක් ගොඩ නගා තිඛෙන බව ඔබ දන්නවා. අයෝජන කටයුතු ඉහළ මට්ටමකට පැමිණෙමින් තිඛෙනවා. අපනයන කටයුතුවල ඇති සීග්‍ර වර්ධනයත්, විදේශ මුදල් ගලා ඒමත් නිසා විදේශ සංචිත ද ඩොලර් බිලියන 8 ක මට්ටමට දැන් ළඟා වී තිඛෙනවා. විනිමය අනුපාතය ස්ථාවර වීම නිසා ජාත්‍යන්තර වෙළඳාමේ පැවති අවිනිශ්චිතතා රාශියක් මග හැරී ගොස් තිඛෙනවා. පොලී අනුපාතය පහළ මට්ටමක තිඛෙන නිසා පෞද්ගලික අංශයේ ණය ලබා ගැනීම වැඩි වෙමින් පවතිනවා. වරාය, ගුවන් තොටුපල, මහා මාර්ග, විදුලිය, වාරිමාර්ග, ජලසම්පාදන වැනි ෙක‍ෂAත්‍රවල පුළුල් යටිතල පහසුකම් සංවර්ධනයක් ඇති වෙමින් පවතිනවා. දිවි නැගුම වැඩසටහන මඟින් කෘෂිකාර්මික අංශයේ පමණක් නොව ගෘහ ආර්ථීකයේ ද ස්වයංපෝෂිත වෙමින් පවතිනවා. මෙම ආර්ථීක ප්‍රගතිය දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ඇති කරමින් අධ්‍යාපනයේත්, සෞඛ්‍ය සේවාවලත් සමාජ සංරක‍ෂණයේත් අපේ ජනතාවට හිමි විය යුතු සියලූ මූලික අයිතිවාසිකම් පුළුල් කිරීමට මහින්ද චින්තන ඉදිරි දැක්ම සමත් වී තිඛෙනවා.

ගරු කතානායකතුමනි,

2009 මැයි මාසයේ ත්‍රස්තවාදී ක්‍රියා අවසන් කිරීමේ සිට මේ දක්වා කිසිදු ත්‍රස්තවාදී ක්‍රියා රටේ වාර්තා වී නැහැ. මනංකල්පිත ග්‍රීස් යකා හැර. එම කාලය තුළ මැතිවරණ රාශියක් ද පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට රට ගමන් කර තිඛෙනවා. එම මැතිවරණ ද සාමකාමී හා සාධාරණ මැතිවරණ බවට සමාජය විසින් පිළිගෙන තිඛෙනවා. මේ නිසාම පසුගිය කාලය තුළ හදිසි නීතියේ විවිධ කොන්දේසි ඉවත් කරමින් අපේ සමාජය සාමාන්‍ය පරිපාලනය යටතේ ගෙන ඒමට අප සමත් වී තිඛෙනවා. ජාත්‍යන්තර වශයෙන් ද ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියා වාර්තා නොවන බව පිළිගෙන තිඛෙනවා. එපමණක් නොව ත්‍රස්තවාදය පෝෂණය කරන ත්‍රස්තවාදීන් විසින් කරනු ලබන මුල්‍ය ගණුදෙනු, භාණ්ඩ හුවමාරු කිරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් හා මූල්‍ය හා බැංකු ක්ෂේත්‍රවල අවදානම් වළක්වා ගත හැකි ජාත්‍යන්තරව පිළිගනු ලබන නීතිරීති රාශියක් අප විසින් මේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිඛෙනවා. ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට අමතරව මෙම නීතිරීති මගින් ත්‍රස්තවාදය ඇතිවීමට ඇති ඉඩප්‍රස්ථා වළක්වා ගැනීමට අප කටයුතු කර තිඛෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, එම ව්‍යවස්ථාව පදනම් කර ගෙන මෙම පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගෙන ඇති රටේ නීතිරීතිත් මගින් නීතිය හා සාමය රැකීමට අපේ රජයට හැකි වී තිඛෙන බව සඳහන් කරන්නේ ඉතා ආඩම්බරයෙනි. එබැවින්, වසර ගණනාවකට පසු ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැකගැනීම අපේ වගකීමක් වෙනවා.
නීතිය අතට ගනිමින් අවිචාර ලෙස ක්‍රියාත්මක වන්නන්ට රටේ නීතිය තුළ කිසිදු ඉඩමක් ඇති නොවීමට රාජ්‍ය පරිපාලනය, පොලීසිය හා අධිකරණය ක්‍රියාත්මක වනුයේ සාමාන්‍ය නීතිය යටතේ වීම ජනතාව ලැබු විශාල ජයග්‍රහණයක්. මෙම ජයග්‍රහණය මේ රටට ලබාගත හැකි වුනේ වීරෝදාර සෙබ`ඵන් ආදර්ශමත් ලෙස දැඩි කැපවීමෙන් මානුෂික මෙහෙවර නිම කළ නිසයි. ඒ සඳහා මේ රටේ ජනතාව ඉවසීමෙන් යුතුව පරිත්‍යාගශීලී වූ නිසාය.

එයින් අප ලබා ඇති ප්‍රතිඵල අතිවිශාලය. එම ප්‍රතිඵල තව තවත් අර්ථවත් කරමින් අපේ රට ආසියාවේ නැගී එන ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශක්තිමත් කිරීමට අඩිතාලමක් දැම්මා.

ගරු කතානායකතුමනි,

වසර ගණනාවක් මෙම පාර්ලිමේන්තුව සෑම මසකම හදිසි නීතිය සම්මත කළා. ඇතැම් අය එයට විරුද්ධව ඡන්දය දෙනු ලැබුවා. ඇතැම් අය ඡන්දය දීමෙන් වැළකී සිටියා. මෙම උත්තරීතර පාර්ලිමේන්තුව මේ රටේ පවත්නා සියලූම දේශපාලන පක්ෂ නියෝජනය වන තරමටම පොහොසත් වූ පාර්ලිමේන්තුවක්. මේ නියෝජනය තුළින් රටේ පවත්නා විවිධ මත එක්රැස් කරන ඉතා වටිනා සම්පතක් ලෙස ගරු කතානායකතුමා ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනා සැලකිය හැකියි. සියලූ ජාතීන්, සියලූ ආගම් මෙන්ම ලිබරල්වාදීන් මෙන්ම ප්‍රගතිශීලී මතධාරීන්ගෙන් ද පෝෂණය වී තිඛෙනවා. ඒ සියල්ලම පසුගිය කාලය තුළ පුළුල් අත්දැකීම් ලබා තිඛෙනවා. තරුණ මන්ත්‍රිවරුන් ද 40ක් පමණ ද මේ පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙනවා. ප්‍රථමවරට ත්‍රස්තවාදී බලපෑම්වලින් තොරව විවෘතව හා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපේ රටේ පවත්නා ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපට අවස්ථාවන් ලැබී තිඛෙනවා. එමනිසා මෙම පාර්ලිමේන්තුව තුළින් එම අවස්ථාව මේ රටට උදාකර දෙන ලෙස මේ රටේ ජනතාව වෙනුවෙන් මෙම පාර්ලිමේන්තුවෙන් මම ඉල්ලා සිටිනවා.

ගරු කතානායකතුමනි,

ප්‍රජාතන්ත්‍රවාදීව රටේ ඉදිරි කටයුතු සාමාන්‍ය නීතිය යටතේ පවත්වා ගැනීමට හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව අද මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කිරීමට මා කැමතියි. රටේ පාලන කටයුතු සඳහා හදිසි නීතියක අවශ්‍යතාවයක් දැන් නොමැති බවට මා සෑහීමකට පත් වී ඇති නිසයි මා යෝජනාව කරන්නේ.

ඒ නිසා අපි හදිසි නීතිය දීර්ඝ නො කිරීමට කටයුතු කරන බව ඔබ වෙත දන්වා සිටිනවා.

www.defence.lk

http://www.defence.lk/sinhala/sn.asp?fname=20110826_01

රනිල්ගෙන් ජනපතිට තුති

දයා පෙරේරා, ස්වර්ණා විජේකෝන් සහ චමීර ඇල්ලදෙණිය

හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූති කරන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවසීය.

ප්‍රමාද වී හෝ හදිසි නීතිය ඉවත් කිරීම ගැන අපේ සතුට ඉදිරිපත් කරනවා. හදිසි නීතිය ඉවත් කිරීම සඳහා යෝජනාව පාර්ලිමේන්තුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු නැගී සිටි විපක්ෂ නායකවරයා එසේ ප්‍රකාශ කළේය.

හදිසි නීතිය ඉවත් කිරීමට විරුද්ධ පක්ෂය සහයෝගය දෙනවා යන කරුණු අමුතුවෙන් කිවයුතු නැතැයි ද විපක්ෂනායකවරයා කීවේය.

යුද්ධයෙන් ත්‍රස්තවාදය අවසන් කළා සේම දේශපාලන වශයෙන්ද මේ ප්‍රශ්නය විසඳා ගැනීමේ පැත්තක් තිබෙනවා. ජාතීන් අතර සමගිය ඇති කළ යුතු වෙනවා. ඒ සඳහා ආරම්භ කරනු ලැබ අතරමග නවතා දමන ලද සාකච්ඡා යළි පටන්ගෙන ඉදිරියට ගෙන යන ලෙස අප කියනවා. එම සාකච්ඡා සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

හදිසි නීතිය අහෝසි කිරීම තුළින් පමණක් සෑහීමකට පත්වෙන්න බැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න තියෙනවා. ඒ සඳහා වන නීති පාර්ලිමේන්තුව තුළින් ඇති කර ගනිමු. ආණ්ඩුව හා විපක්ෂය එකතු වූ පසු පිටස්තරයෙන් එන බලපෑම් අඩු කර ගත හැකියි.

ජනාධිපතිවරයා සභාවට පැමිණ කතා කරනවා. ඔහුගෙන් ප්‍රශ්න ඇසීමටත් නීති ඇති කර ගත යුතුයි.

ඉදිරියේදී ලෝක ආහාර හිඟයක් ඇති වෙනවා. ඊට කලින් අපේ ප්‍රශ්න විසඳාගත යුතුව තිබෙනවා යැයිද විපක්ෂනායකවරයා පැවසීය.

www.dinamina.lk

http://www.dinamina.lk/2011/08/26/_art.asp?fn=n1108262

හදිසි නීතිය ඉවත් කිරීම ඇමෙරිකාව අගයයි

2011 අගෝස්තු 26 වෙනි සිකුරාදා, 08:19 Sri Lanka Mirror Editor
USA

වසර 06 ක් තිස්සේ දිවයිනේ අඛණ්ඩව කි‍්‍රයාත්මකවූ හදිසි නීතිය ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් තීරණය ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ දැඩි ප‍්‍රසාදයටලක් වී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශයසදහන් කරයි.  ඒ අතුරෙන් හදිසි නීතිය ඉවත්කිරීම පිළිබඳව ප‍්‍රසාද සටහනක් මුලින්ම නිකුත්කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි.

එය සිවිල් ජනතාවට නිදහසේ ජීවත් වීම සඳහා වූවැදගත් තීරණයක් වනු ඇති බව ශ්‍රී ලංකාවේඅමෙරිකානු තානාපති කාර්යාලය ඊයේ (25) නිකුත් කළ නිවේදනයක දැක්වේ.   අගෝස්තු මාසයෙන් පසුහදිසි නීතිය යළි දීර්ඝ නොකිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ලැබු තීරණය පිළිබඳවඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රසාදය දක්වන බවද එහි සදහන්වේ. එය ශී‍්‍ර ලාංකික ජන ජීවිතය සාමාන්‍යතත්ත්වයට ගෙන ඒම සඳහා ගනු ලැබු වැදගත් ඉදිරි පියවරක් ලෙසද  එක්සත් ජනපදය හඳුන්වා දී තිබේ. එමෙන්ම ශී‍්‍ර ලංකාව ත‍්‍රස්තවාදය පරදවා වසර 02 ක් ගතවීමෙන් පසු කිසිදු ත‍්‍රස්ත කි‍්‍රයාවක් වාර්තා නොවීමද,එමගින් පිළිඹිඹු කරන බව ඇමරිකා එක්සත් ජනපදයේ අදහසයි.


හදිසි නීතිය ඉවත්කිරීම ජාත්‍යන්තරයේ පැසසුමට
ඉන්දියාව, අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව ඒ අතර
2011/08/27

මහින්ද අලුත්ගෙදර, සුභාෂිනී සේනානායක, අනුර ප්‍රේමලාල් හා චන්දිමා එදිරිමාන්න

හදිසි නීතිය ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ලද ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විදෙස් රටවල් රැසක් ප්‍රසාදය පළ කර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ගන්නා ලද පියවර පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව සිය ප්‍රසාදය හා සතුට පළ කර තිබේ.ඉන්දීය ලෝක් සභාවේදී අදහස් පළ කරමින් එරට විදේශ කටයුතු ඇමති එස්.එම්.ක්‍රිෂ්ණා මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජය මෙවැනි තීරණයක් ගැනීම යහපත් ඉදිරි ගමනකට සුබවාදී පෙරගමනක් බවත් ඉදිරියටද ශ්‍රී ලංකාව මේ ආකාරයේ විනිවිදභාවයෙන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.

තවද ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව කිසිවිටෙකත් ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා පළුදු කරගැනීමට සූදානම් නොමැති බවත් ඉදිරියටද මෙරට රජය සමඟ සුහදව කටයුතු කරන බවත්ය. මේ පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ මෙය සිවිල් ජනතාවට නිදහසේ ජීවත් වීම සඳහා වූ වැදගත් තීරණයක් වනු ඇති බවත් අගෝස්තු මාසයෙන් පසු හදිසි නීතිය යළි දීර්ඝ නොකිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය පිළිබඳව අතිශය සතුටු වන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

වසර 06 ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ හදිසි නීතිය ඉවත් කිරීම සඳහා ?ශ්‍රී ලංකා රජය තීරණය කිරීම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි ප්‍රසාදයට ලක්ව තිබෙන බව පෙන්වා දෙන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය එය ශ්‍රී ලාංකික ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා ගනු ලැබු වැදගත් ඉදිරි පියවරක් ලෙස සැළකිය හැකි බවද සඳහන් කරයි. දශක තුනක කාලයක් පැවති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කළ ශ්‍රී ලංකාවේ ගතවූ වසර දෙකක කාලයේදී කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් සිදු නොවීමද මෙහිදී වැදගත් කොට සැළකිය හැකි බව එම තානාපති කාර්යාලය කියා සිටී.

මේ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන ඕස්ට්‍රේලියාව හා බ්‍රිතාන්‍යයද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියාපිළිවෙත අගය කරන බව පවසා ඇත. මේ අතර හදිසි නීතිය ඉවත් කිරීමට රජය ගත් තීරණය එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ තවත් විශිෂ්ට ජයග්‍රහණයක් බව දේශපාලන පක්ෂ නායකයෝ ප්‍රකාශ කරති. එම තීරණයෙන් ඉතා පැහැදිලිව ප්‍රකාශ වන්නේ රට තුළ ස්ථිරසාර සාමකාමී වාතාවරණයක් ගොඩනැගී ඇති බවද ඔවුහු අවධාරණය කරති. හදිසි නීතිය ඉවත් කිරීම නිසා අයුතු ප්‍රයෝජන නොගත යුතු බවත්, භීෂණය රට තුළ නිර්මාණය කළ පක්ෂ යළිත් වරක් අවි අතට ගෙන අවිචාරවත්ව ක්‍රියාකළ යුතු නොවන බවත් ඔවුහු පෙන්වා දෙති.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටින්නේ රජයක් හදිසි නීතිය ඉවත් කරන්නේ හදිසි නීති යටතේ පුද්ගලයන්ට නීතිමය කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නැති බැවිනි. ඉතිහාසය පුරා පැවැති රාජ්‍යයන් හදිසි නීතිය දිගින් දිගටම ක්‍රියාත්මක කළේය. සාමය ස්ථාපිත කිරීමෙන් වසර දෙකකට පසුව හදිසි නීතිය ඉවත් කිරීමට ලැබීම ජයග්‍රහණයක් බවද ඇමැතිවරයා කියයි. අද පවත්නා සාමකාමී වාතාවරණය දිගින් දිගටම පවත්වාගෙන යාමට ජනතා සහාය ලැබිය යුතු බවද මහ ලේකම්වරයා කීය. ජනතාවට සෞභාග්‍ය උදාකිරීමට ගත් තවත් පියවරක් ලෙස හදිසි නීතිය ඉවත් කිරීම හැඳින් විය හැකි බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් ඇමැති වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

හදිසි නීති යටතේ කඳවුරුවල රඳවාගෙන සිටින හය දහසකට මේ නිසා නිදහස ලැබෙන බවද ඒ මහතා කියයි. හදිසි නීතිය ඉවත් කොට සාමාන්‍ය නීතිය යටතේ පාලනය ගෙන යාම සහ සිවිල් නීති රාශියක් යළි ක්‍රියාත්මකවීම බවද නානායක්කාර මහතා කියා සිටී. හදිසි නීතිය ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ සුබවාදී වාතාවරණය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට යහපත් පණිවිඩයක් ලැබෙන බව ලංකා සමසමාජ පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. හදිසි නීතිය ආයුධයක් කර ගෙන එල්.ටී.ටී.ඊයට පක්ෂ ජාත්‍යන්තර බලවේග තමන්ගේ ප්‍රචාරක කටයුතු කරගෙන ගියද හදිසි නීතිය ඉවත් කිරීම නිසා එම බලවේගවලට තමන්ගේ කුමන්ත්‍රණ හා ප්‍රචාරක කටයුතු නවතා දමන්නට සිදුව ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

මෙරට ජනතාව එක ජාතියක් ලෙස එකමුතු කිරීම සඳහා ජනාධිපතිතුමා මේ වන විට තේරීම් කාරක සභාවක් පත් කර තිබෙන බවත් එම කාර්යයේ දී මෙරට සියලු ජාතීන්ගේ සහාය අවශ්‍ය බවත් පැවසූ ඒ මහතා මේ සාකච්ඡා සඳහා සාර්ථක පසුබිමක් හදිසි නීතිය ඉවත් කිරීම නිසා සැකසී ඇති බවත් කීවේය. මේ සියලු කරුනු සලකා බලා හදිසි නීතිය ඉවත් කිරීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමසමාජ පක්ෂයේ ස්තුතිය පිරිනමනබවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. වසර තිහකට පසුව සාමාන්‍ය සිවිල් නීතිය ක්‍රියාත්මක වන ප්‍රථම වතාව මෙය බව, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

රජය හදිසි නීතිය ඉවත් කිරීමට පියවර ගැනීම වර්තමානයට ඉතාම කාලෝචිත බවද හෙතෙම පැවසීය. යුද්ධය පැවැති සමයේ හා යුද්ධයෙන් පසුව රජය රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කළේ රටේ සාමකාමී වාතාවරණයක් ස්ථාපිත කොට රට සාමය කරා ගෙන යාමට බවද කී මුසම්මිල් මහතා වැරදි චිත්‍රයක් ජනතාව තුළ ඇති කරමින් විපක්ෂය හදිසි නීතිය ඉවත් කරන්නැයි කෑ ගැසූ බවද කීය.

දිනමිණ
http://www.dinamina.lk/2011/08/27/_art.asp?fn=n1108271

හදිසි නීතිය අහෝසි කිරීම ගැන ඉන්දියාවේ ප‍්‍රසාදය

2011 අගෝස්තු 27 වෙනි සෙනසුරාදා, 09:28 Sri Lanka Mirror Editor
Indiaflg

හදිසි නීතිය අහෝසි කිරීමට ශී‍්‍ර ලංකා රජය ගත් තීරණය ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්එම් කි‍්‍රෂ්ණා අගය කොට සිටී. ඊයේ (අගෝ. 26) ලෝක් සභාවේදී ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ, මානව හිමිකම් උල්ලංඝණ චෝදනා සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුක්ත විමර්ශනයක් සිදුවිය යුතු බවටයි.

ලංකාව සමඟ තිබෙන සබඳතා අනතුරේ හෙළීමට ඉන්දියාවට අවශ්‍ය නොවන බව අවධාරණය කළ ඔහු, අවතැන්වූවන් යළි පදිංචි කරලීම වෙනුවෙන් තම රජයේ සහාය ලබාදෙන පැවසීය.

ඉන්දීය ධීවරයින්ට මුහුදේදී හිරිහැර සිදුවන බවට වන චෝදනා පිළිබඳව ඔහු කියා සිටියේ, එවැනි සිද්ධීන්වලට සම්බන්ධයක් නොමැති බව ශී‍්‍ර ලංකා නාවික හමුදාව පවසන බවයි.

http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=7113:2011-08-27-04-07-52&catid=1:2010-11-08-15-13-52&Itemid=50

හදිසි නීතිය සහ සිවිල් සමාජය - ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ

2011 අගෝස්තු 26 වෙනි සිකුරාදා, 16:06

හදිසි නීතිය ඉවත්කිරීම පිළිබඳ අප වෙබ් අඩවිය වෙත අදහස් දැක් වූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ හදිසි නීතියෙන් තොර තත්ත්වයක් තුළ ජන සමාජය මුහුණ දෙන වටාපිටාව පිළිබඳ විග්‍රහයක යෙදුණේ මෙසේයි.හදිසි නීතිය පනවන්නේ හදිසි තත්ත්වයක් උද්ගතව ඇතැයි ජනාධිපතිවරයාට හැඟී යන විටෙක ජනාධිපතිවරයාට ලැබී ඇති ව්‍යවස්ථාපිත බලතල භාවිත කරමිනි.

වර්තමානයේ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සඳහා වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ යටතේ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සඳහා එම ක්‍රියාවන් පිළිබඳ සැකකරුවෙකු මාස තුනක කාලයක් දක්වා රක්ෂිත බන්ධනාගර ගත කරන මෙන් ආරක්ෂක ලේකම්වරයාට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටිය හැකියි. ඇතැම් සැකකරුවන් එයට වැඩි කලක් රැඳවුම් නියෝග යටතේ රඳවා ගනු ලබන්නේ නම් ඒ ජාතික ආරක්ෂාවට අනුවයි. අවශ්‍ය වන අවස්ථාවක ජනාධිපතිවරයාට මෙම කාලය වසරක් දක්වා දිගු කිරීමට ඉල්ලීමක් කළ හැකි වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ සම්මත කළ පනතක් මගින් කළ යුතු ය. කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වීම කෙරෙහි හදිසි නීතිය ඉවත් කිරීමෙන් බලපෑමක් එල්ල නොවේ. මන්ද එය පාර්ලිමේන්තුවෙන් සම්මත වෙනත් නීතියක් බැවිනි.

එමෙන් ම අධි ආරක්ෂක කලාප පිහිටුවීම සිදුකර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා මහජන ආරක්ෂක ආඥා පනත යටතේයි. ඒ අනුව හදිසි නීතිය තවදුරටත් බලාත්මක නොවන තත්ත්වයක් තුළ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ක්‍රියාත්මක අධිආරක්ෂක කලාප ද ඉවත් වනු ඇත.

එසේ ම රැඳවුම් කඳවුරු ස්ථාපිත කරනුයේ ආරක්ෂක අමාත්‍යවරයා ගැසට් පත්‍ර යේ පළ කරනු ලබන දැන්වීමක් මගිනි. එබැවින් රැඳවුම් කඳවුරු පවත්වාගෙන යාමට හදිසි නීතිය ඉවත් කිරීමෙන් බලපෑමක් එල්ල නොවේ.

තව ද ඇතැම් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරන අත්‍යවශ්‍ය සේවා පනතට ද හදිසි නීතිය ඉවත් කිරීමෙන් බාධාවක් එල්ල නොවනු ඇත.

Asian Mirror
http://www.asianmirror.lk/index.php/news/3476-2011-08-26-16-19-46