Friday, Jul 21st

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග 21 ශතවර්ෂයට ගැලපෙන විදිහට කොළඹ නගරය හදා ගන්න ඕන

21 ශතවර්ෂයට ගැලපෙන විදිහට කොළඹ නගරය හදා ගන්න ඕන

  • පී.ඩී.එෆ් (PDF)
1263276044MILINDA_MORAGODA_0

21 ශතවර්ෂයට ගැලපෙන විදිහට කොළඹ නගරය හදා ගන්න ඕන. ලෝක ආදර්ශ බලන විට කොළඹ අපට අවස්ථාවක්. පසුගිය අවුරුදු 30 තුළ අපට පිළිවෙළට සංවර්ධනයක් කරන්න බැරි වුණා. ඒ නිසා අවස්ථා නැති වුණා .ඒ වගේම අළුත් අවස්ථා බිහිවුණා. ඒ නිසා අද අනික් නගරවල තියෙන හරි වැරදි  බලලා අපට කොළඹ පරමාදර්ශී නගරයක් බවට පත් කරන්න හැකියාව තියෙනවා....

-  මිලින්ද මොරගොඩ මහතා



1. අද කොළඹ නගරයේ පවතින සමාජ ආර්ථික වටපිටාව හා නගර සැලසුම්කරණය ජාත්‍යන්තරව පවතින වඩාත් දියුණු නගර හා සසඳන කළ ඔබේ තක්සේරුව කෙසේද?

ඉතිහාසය බැලුවොත් "සිටිසන්" කියන වචනය පුරවැසියා කියන එක. එතනින්ම එන අදහස නගරයක වැසියෙක් කියන එක. ලෝකේ ඉතිහාසය බැලුවම නගර තමා ආර්ථික කේනද්‍රස්ථාන. නමුත් පාලනය අනුව මේ නගර වෙනස් වෙලා තියෙනවා. අද එය එනවා නගර මට්ටමට. ජනතාව තුළ මතයක් තියෙනවා නගරයකින් සේවා ලබා ගන්න ලේසියි කියලා. ඒ කියන්නේ තමාගේ එදිනෙදා කටයුතු, සේවා ඉටු කරගන්න පුළුවන් කියලා. යටිතල පහසුකම් ආදි තම පරිසරයට අවශ්‍ය අවස්ථා ලැබෙන්නේ නගර සභාවෙන්.එයින් කියවෙන්නේ නගර සභාවක් කියන්නේ සේවා සපයන ආයතනයක්. පුරවැසියා කියන්නේ පාරිභෝගිකයායි. පුරවැසියා බද්ධක් ගෙවනවා. නගර සභාව සේවය සපයනවා.ඒක තමයි ලෝකය යන හැටි. අපි ඉන්නේ වෙන යුගයක. හේතුව තමයි අවුරුදු 30 ක යුද්ධයක් තිබුණා. උදාහරණයක් ලෙස යුද්ධය පටන් ගන්නකොට අපේ පොලිස් නිලධාරින් බැටන් පොල්ල අරන් තමා රාජකාරිය කළේ. අද ටී 56 අරන්. හේතුව යුද්ධය හරහා අපේ සමාජය එක පැත්තකින් නපුරු උනා. දැන් යුද්ධය අවසන්වෙලා. පොලිස් නිලධාරියාගේ බැටන් පොල්ල ගැන මම දන්නෑ. ඒත් නගරය බලන විට ඒ ආකල්ප වෙනස්වෙන්න ඕන. නගරය කියන්නේ සේවා සපයන ආයතනයක්. අද 21 ශතවර්ෂයට ගැලපෙන විදිහට නගරය හදා ගන්න ඕන. ලෝක ආදර්ශ බලන විට කොළඹ අපට අවස්ථාවක්. අනික් පැත්තෙන් කොළඹ නගරය හරි සුන්දරයි. පසුගිය අවුරුදු 30 තුළ අපට පිළිවෙළට සංවර්ධනයක් කරන්න බැරි වුණා. ඒ නිසා අවස්ථා නැති වුණා .ඒ වගේම අළුත් අවස්ථා බිහිවුණා. ඒ අනික් නගරවල තියෙන හරි වැරදි අරගෙන කොළඹ පරමාදර්ශී නගරයක් බවට පත් කරන්න හැකියාව තියෙනවා. ගොඩාක් නගර හරියට නිර්මාණය වුණා කියලා කියන්න බෑ. විවිධ ප්‍රශ්න තියෙනවා. ගොඩාක් චෝදනා තියෙනවා, පරිසරය සම්බන්ධව සමහර නගර සැළකිළිමත් වෙලා නෑ කියලා. ඒවා අපට දැන්ම අපේ සැලසුම් වලට ඇතුළු කරන්න පුළුවන්. ලෝක පරිසරය බලන විටත් ඒ නගරවල කළමනාකරණය, සහ සැලසුම් බලන විටත් අපට අභියෝග හා අවස්ථා දෙකම තියනවා. මං හිතන්නේ අවස්ථා වැඩියි.

Dim lights Embed Embed this video on your site

2 කොළඹ නගරය සංවර්ධිත නගරයක් බවට පත්කිරීමේ දී මෙතෙක් ‍අවධානයට ලක් නොවූ ඔබ විසින් හඳුනාගත් විභවයන් මොනවාද? ඒවා ක්‍රියාවට නැංවීම  සඳහා ඔබ සතු ශක්‍යතාවය කෙබඳුද?

මං හිතන්නේ පැති රාශියක් ගැන කථා කරන්න පුළුවන්. කොළඹ නගරය හැංගිලා වගේ තිබුණේ පසුගිය අවුරුදු 30 තුළ. එක පැත්තකින් බැලුවම ‍භූගෝලීය වශයෙන් අපි කථා කරන්නේ නැගෙනහිර කොළඹයි, බටහිර කොළඹයි, බොරැල්ල ප්‍රදේශය ගැන තමයි. හුඟක්ම මාධ්‍ය තුළ කතා කෙරෙන්න. ඒත් උතුරු කොළඹ, මැද කොළඹ බැලුවොත් එහෙම ඒ දෙකේ විශාල ප්‍රශ්න තියෙනවා. දුප්පත් ජනතාව විශාල වශයෙන් ඉන්නේ ඒ පළාත් වල. ඒ වගේම ඒ පළාත්වල අවස්ථා රාශියකුත් තියෙනවා. මෙහි විවිධ ජාතීන් ඉන්නව. විශේෂයෙන්පැරණි  ඕලන්ද යුගයෙදි කොළඹ 7 කිව්වෙ උතුරු කොළඹට.එනම් කොටහේන ප්‍රදේශයේ. අපට පුළුවන් ඒ ප්‍රදේශයේ ආර්ථිකය පණ ගන්වන්න. දැන් ආර්ථිකය හුගක්ම තියෙන්නේ බටහිර කොළඹ, නැගෙනහිර කොළඹ සහ බොරැල්ල. ඒ වගේම කොළඹ වරාය තියෙනව පැහැදිලිවම. ඒ නිසා නගරයේ ආර්ථික අවශ්‍යතා වැඩි කරන්න පුළුවන්. ඒ වගේම සුන්දර නගරය කියන කොට මුළු නගරෙ ගැනම හිතන්න පුළුවන්. සංචාරක ව්‍යාපාරය ගැන බලන විට බො‍හෝ අවස්ථා තියෙනවා. සංචාරක ව්‍යාපාර හිමියන් එක්ක සාකච්ඡා කරන කොට ඒ ගොල්ලොත් කියන්නේ කොළඹ, මැද කොළඹ ඒ සඳහා අවස්ථා බිහි කරන්න පුළුවන් කියලා. අනික් ව්‍යාපාරත් එහෙමයි. අපි ආර්ථිකය දියුණු කරන්න ඕන. තරුණ අසහනය, තරුණ විරැකියාව ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා නගරයට. අපිට යුතුකමක් තියෙනවා මේ හැංගුන පැති දිහා බලලා, ඒවා මතුකරලා අපිට නවීන ආර්ථිකයක්, නවීන නගරයක් හදන්න පුළුවන්.

Dim lights Embed Embed this video on your site

3.කොළඹ නගර සංවර්ධනයට අදාළ යෝජනා හා සැලැසුම් පිළිබඳව පහැදිලි කිරීමක් කළහොත්?

අපි සැලසුම් මාලාවක් ඉදිරිපත්කරලා තියෙනවා. මුලින්ම දින සීයක සැලැස්මක්. සරලව දළ වශයෙන් බැලුවොත් එහි කාරණා 12ක් තියෙනවා. එයින් ප්‍රධාන කාරණා වන්නේ එක අතකින් පාලනය කාර්යක්ෂම කිරීම හා  විනිවිදභාවයක් ඇති කිරීම. ඒ සඳහා ව්‍යුහගත කරණයක් හා ප්‍රතිසන්ධානයක් ඇති කිරීම අවශ්‍යයයි රට ඉස්සරහට යන්න. 21 වන ශතවර්ෂයට ඇතුල්වන්න නම්. ඒ සඳහා පාලන ක්‍රමය වෙනස් වෙන්න ඕන. ඉතිහාසයේ කොළඹ නගරය නතු වෙලා තිබුණේ දේශපාලන ආර්ථිකයක් විදිහට. 21 වන ශතවර්ෂයට ඇතුළුවන්න නම්, සේවා සපයන ආයතනයක් හැටියට අප නිර්මාණය වන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගත කරණයක් කෙරෙන්න වෙනවා. දේශපාලනය අයින් කරන්න ඕන.

සේවා සැපයීම තමයි ඉස්සරට දාන්න ඕන. ඒ කියන්නේ පුරවැසියාට සේවය සැපයීම. එය තමා අපේ මුල්ම අදහස. ඊලගට දින 30 කදී ප්ලෑනක් අනුමත කරගැනීමේ හැකියාව. දැන් සෑහෙන කාලයක් ඒ සඳහා ගන්නවා. ඒවාට චෝදනා එල්ල වෙනවා මේ තත්ත්වය නැති කරන්න ඕන. මේ එක උදාහරණයක් අනිත් හැමදේටත් එවැනි කාලයක් වෙන් කරන්න ඕන. එය එලෙස ඉටු නොවුනොනොත් දඬුවමක් පැනවීම ආදිය කරන්න ඕන. ඊලඟට දුප්පත් ජනතාව ගැන හිතලා ආරක්ෂක අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා තට්ටු නිවාස තුළ නිවාස 35000ක් අවුරුදු 3ක් තුළ ඉදිකරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම පැහැදිලිවම ඒ ඒ පළාත්වලම තමයි නිවාස හදන්නේ. ඒවගේම තරුණයින්ට අපි යෝජනා කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. නගරය තුළ තරුණ අසහනය,විරැකියාව,මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තරුණයන් ඉන්නවා. ඒ නිසා තරුණයන්ට අපි අවස්ථා සපයන්න ඕන. ඒ අය වෘත්තීය පුහුණුව හරහා අළුත් ක්ෂත්‍රවලට ඇතුල් කරන්න පුළුවන්. ‍ව්‍යාපාරිකයින් ,සංචාරක ව්‍යාපාරිකයින් එක්ක කථා කරන විට එයාලා හරි කැමතියි කොළඹ නගරයෙන් තරුණයන් බඳවාගන්න. එයාලා කියන්නේ උනන්දුව අඩුයි කියලා. ඒ සඳහා අප පුහුණුවක් ලබා දෙන්න ඕන. ඒ වගේම සංචාරක ව්‍යාපාරය ගැන ආකල්ප වෙනස් කරන්න ඕන. ඒ අනුව තරුණ තරුණියන්ට අප විශේෂ සැලැස්මක් ඉදිරිපත් කරනවා.

ඒකට ක්‍රීඩාවත් අපි ගෙනල්ලා තියෙනවා. නගර සභාවකට ක්‍රීඩාංගන රාශියක් තියෙනවා. ඒවා හුඟක් අබලන් වෙලා තියෙනවා. ඒවා ප්‍රතිසංස්කරණය කරලා, ක්‍රීඩා සමිති පිහිටවලා තරුණ තරුණියන් ඒ සඳහා යොමු කරලා, ඒ ක්‍රීඩා පිට්ටනි පාලනය කිරීමටත් තරුණයන් යොදවනවා. දැන් නගර සභා පිට්ටනි පාලනය කරනවා.තරුණයින් ඈත්වෙලා ඉන්නවා. මේ තරුණයින්ට අපි කෙටි කාලීනව දීමනාවක් දෙනවා මේවාට සහභාගිවෙනවාට. ඒ සඳහා මධ්‍යස්ථව බලලා ඉලක්ක කරපු තරුණ කණ්ඩායමකට.ඔවුගේ අවශ්‍යතා අනුව. මේ වගේ සැලසුම් රාශියක් තියෙනවා. විදේශ ආධාර හරහා කරන්න.ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලික අංශ  එක් කරගන්න. ඊට අමතරව පුරවැසි සහභාගීත්වය.දැන් ඔවුන් නගර සභාවෙන් ඈත් වෙලා ඉන්නේ. ඔවුන් එකතු කරලා පුරවැසි කමිටු, පුරවැසි ආයතන බිහි කරලා පුරවැසියා නගර සභාවට කිට්ටු කරන්නත් අදහසක් තියෙනවා.

Dim lights Embed Embed this video on your site

 

4 කොළඹ නගරය ගොඩනැගීමේදී භෞතික හා සමාජීය වශයෙන් පැන නැගිය හැකි ඔබ විසින් හඳුනාගත් ගැටළු මොනවාද? ඒවාට ඔබ ගෙනෙන විසඳුම් මොනවාද?

ප්‍රායෝගික මට්ටමින් ගැටළු රාශියක් තියෙනවා.සාමාන්‍යයෙන් ගැටළු මතුවෙනවා ඕනෑම වෙනසක් කරනකොට. ඒවායින් අපි සැලෙන්න හොඳ නෑ. මෙතන මූලික අභියෝග දෙකක් තියෙනවා. එකක් දේශපාලනඥයින් ගැනත්,දේශපාලන ක්ෂේත්‍රය ගැනත් ජනතාවගේ විශාල අවිශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය ගොඩනගන්න ක්‍රමයක් අපි හොයා ගන්න ඕන. ඒ වගේම කොළඹ නගරය කියන්නේ විවිධ ජාතීන් පදිංචි වෙලා ඉන්න, විවිධ ආගම් අදහන, විවිධ සමාජ පසුබිම් සහිත නගරයක්. ඒ අය අතර අප සමඟියක් ඇති කරන්න ඕන. විශ්වාසය හරහා එය කරන්න ඕන. අපි ගරු කරන්න ඕන අනෙක් සංස්කෘතීන්ට, ආගම්වලට. අපි ආඩම්බර වෙන්න ඕන මේ හැමෝම එකට කොළඹ නගරය තුළ වාසය කිරීම. පරමාදර්ශී නගරයක් කියන තේමාවට අපි ආවේ අපිට රටටම, ලෝකෙටම පෙන්වන්න පුළුවන්

මේ කොළඹ නගරය විවිධ ජාතීන්, විවිධ ආගම් එකට ඉන්නවා කියලා. ඒ සඳහා විශ්වාසය ගොඩනගන්න ඕනෙ. මේ මොහෙත බැලුවොත් ඔවුන් අවිශ්වාසෙන් ඉන්නේ. පසුගිය වසර  30, 40 තුළ එය ඔවුන් දුටු දෙයක්. වතුවලට ගියාම ඔවුන් කියන්නේ ඔවුන්ට මොකුත් ලැබිලා නෑ කියලා. කොළඹ නගරයේ වතු 600ක් තියෙනවා ඒ හැම එකකම තියෙන්නේ එකම ප්‍රශ්න. ඒ අනුව පළමුවැන්න විශ්වාසය ඇති කිරීම. දෙවැන්න තමා ආකල්ප වෙනස් කිරීම. අපි මෙතෙක් හිතපු විදිහක් තියෙනවා. එයින් මිදිලා අළුත් විදිහට හිතන්න ඕනෙ. එහෙම ආකල්ප වෙනස් නොවුණොත් අපට අමාරුයි අළුත් යුගයට ඇතුල් වෙන්න. මේ දෙක කර ගැනීම තමයි අපට තිබෙන අභියෝගය. මේ දෙක කරගත්තොත් අපට පරමාදර්ශී නිර්මණයට,දර්ශනයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය අපට තියෙනවා.බිම් මට්ටමේ සිට අප සියළු දෙනා එක්වෙලා මේ සඳහා කැපවෙනවා.

Dim lights Embed Embed this video on your site

-සකුන්තලා ජයවර්ධන