Thursday, Mar 23rd

Last update04:58:08 PM GMT

You are here අප ගැන

අප ගැන

  • පී.ඩී.එෆ් (PDF)

 

අපේ දැක්ම

ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධනය ළඟා කර දීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායීව මෙහෙයවන දකුණු ආසියාවේ විශ්වසනීයම රාජ්‍ය මාධ්‍ය යන්ත්‍රණය බවට පත්වීම.
 

අපේ මෙහෙවර

නූතන ෙගා්ලීයකරණ ප්‍රවනතාවන් තුළ රාජ්‍ය සේවයේ වග වීම සහ පාරදෘශ්‍යභාව ස්ථාපනය කරමින් ද, ශ්‍රී ලංකීය මාධ්‍ය ප්‍රභවයන්ගේ අනන්‍යතාව සහ ස්වාධීනතාව සුරක්ෂිත වන පරිදි සියලු ශ්‍රව්‍ය දෘෂ්‍ය මුද්‍රිත මාධ්‍ය අතර සුහදශීලී පරිසරය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මෙහෙයවීම් සිදු කරමින් ද, නිවැරදි තොරතුරු සමග රජයේ දැක්ම දැන ගැනීමට මහජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම ඔස්සේ රටේ තිරසාර සංවර්ධනය සඳහා උපරිම මාධ්‍ය දායකත්වය සහතික කිරීම.

කාර්ය භාරය

1. අමාත්‍යංශය තුළ අදාළ තොරතුරු ජනමාධ්‍ය වෙත නිකුත් කිරීම.
2. රජයේ සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.
3. විෙශ්ෂ අවස්ථා සහ සිද්ධි පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.
4. චිත්‍රපට හා වීඩිෙයා් දර්ශන මාර්ගයෙන් මහජනතාව දැනුවත් කිරීම.
5. මහජන ප්‍රදර්ශනය සඳහා ප්‍රවෘත්ති හා වාර්තා චිත්‍රපට නිෂ්පාදනය කිරීම.
6. කෙටි චිත්‍රපට සහ පර්යේෂණාත්මක වාර්තා චිත්‍රපට නිෂ්පාදනය
7. විදේශ කටයුතු අමාත්‍යංශය හරහා දේශීය තොරතුරු විදේශවලටත්, විදේශ තොරතුරු මෙරට ජනතාවටත් ලබාදීම.