Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here Category Table ජාතික එකමුතුකම පිළිබිඹු කරන සංස්කෘතික උළෙලක්....

ජාතික එකමුතුකම පිළිබිඹු කරන සංස්කෘතික උළෙලක්....

  • පී.ඩී.එෆ් (PDF)

siwaකොළඹ-කොම්පඤ්ඤවීදිය ශ්‍රී ශිව සුබ්‍රමනියම් ‍හින්දු කෝවිලේ වාර්ෂික වේල් පෙරහැර වීදි සංචාරය කිරීම පසුගිය දා සිදුවිය. මෙම මංගල්‍යයට හින්දු බැතිමත්හු විශාල සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.

අලංකාරවත් සැරසිල්ලෙන් නිම වූ රන්වන් වේල් කරත්තය එහිදී වීදි සංචාරයේ යෙදුණි. ත්‍රස්තවාදය පැවැති සමයේදී ද මෙම උත්සවය නොකඩවා පැවැති අතර යාපනයේ නල්ලූර් කෝවිල වැඳපුදා ගැනීමට නොහැකි දමිළ බැතිමත්හු මෙම කෝවිල වැඳපුදා ගනිමින් සිය ආගමික වතාවත් ඉෂ්ඨ කර ගත්හ.

මීට බොහෝ කලකට පෙර කතරගම වන්දනාවේ යන දමිළ බැතිමතුන් කොළඹ එක් එක් ස්ථානවල  නතර වී තිබේ. ඔවුන් නතර වූ ස්ථාන පසු ව හින්දු පූජනීය ස්ථාන බවට පත් ව තිබේ. එවැනි ඓතිහාසික වශයෙන් වැදගත් ආගමික ස්ථානයක් ලෙස මෙම ශ්‍රී සිව සුබ්‍රමනියම් කෝවිල හැඳින්වෙයි.

siwadd1870 දී මෙම කෝවිල ආරම්භ කර තිබේ. 1902 දී සර් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා මෙය අලුත්වැඩියා කිරීමට දායක විය. ඉන්පසුව මෙම කෝවිල ශ්‍රී ශිව සුබ්‍රමනියම්  හින්දු කෝවිල ලෙස ව්‍යවහාර විය. 1942 දී සර් පොන්නම්බලම් රාමනාදන් පවුල විසින් මෙම කෝවිල  බැතිමතුන්ට පූජා කරනු ලැබ තිබේ.

1970 දී නැවත මෙම කෝවිල අලුත් වැඩියා කර ඇති අතර 1975 දී මහාකුම්බාභිෂේකය පැවැත්විණි. 1984 දී මෙම පුජනීය ස්ථානය සඳහා රාජගෝපුරම් නිර්මාණය කෙරිණි. අඩි 52 උසැති ගෝපුරම් දෙකක් හා අඩි 82ක් උසැති රාජගෝපුරම් එකක් නිර්මාණය කෙරිණි.

Subramani_kovil1998 සිට මෙම කෝවිලට සම්බන්ධ සුවිශේෂී මංගල්‍යය ආරම්භ වෙයි. ඒ ශිව සුබ්‍රමනියම් ‍හින්දු කෝවිලේ වාර්ෂික වේල්පෙරහැර වීදි සංචාරය කිරීමයි. මෙය සාමන්‍ය තවත් එක් හින්දු පූජෝත්සවයක් පමණක් නො වේ. දකුණේ දෙමළ සිංහල ජනතාවගේ ආගමික සහජීවනය ජාතික එකමුතුකම ප්‍රදර්ශනය කරන සංස්කෘතික කැඩපතක්, සංස්කෘතික මංගල්‍යයක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙය අතීතයේ පටන් අද දක්වා ම නොකඩවා පැවැත්වෙන හින්දු ආගමික චාරිත්‍රයකි.

ප්‍රභාත් රත්නායක

අවසන් යාවත්කාලීන කිරීම 2011 ජූලි 27 වෙනි බදාදා, 15:22