Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග විශේෂ

විශේෂ

යළි පිබිදෙන උතුරු නැගෙනහිර…

  • පී.ඩී.එෆ් (PDF)

northවසර 30 ක යුද්ධයේ නිමාවත් සමඟ එතෙක් ශ්‍රී ලංකාව වසා තිබුණ අඳුරු සෙවණැල්ල සේදී ‍ගියා සේය. ජනතාවගේ හදවත් තුළ නැගුනු දුක් ගිනි නිමා වී නව සිතුවිලි දළුලන්නට පටන්ගෙන ඇත. මෙතෙක් පණ අදිමින් තිබූ සංවර්ධන ක්‍රියාදාමයන් නව ජවයකින් ගමන් අරඹා ඇත. මහින්ද චින්තන වැඩ පිළිවෙළ පෙරටු කරගත්  සංවර්ධන සංග්‍රාමය දිවයිනේ සිව් දෙසින් ක්‍රියාත්මක වෙමින් පවතී. අද ලංකාවේ ඕනෑම ලොකු කුඩා ගමක් නගරයක්, පාරක් තොටක් දෙස බලන්නේ නම් පෙර නොවූ විරූ ආකාරයේ  යම් වෙනසක්, සංවර්ධනයක් දක්නට ලැබේ. අද දිනෙන් දින ගම නගරයටත්, රට ලෝකයටත් සමීප වෙමින් සිටී. එමෙන්ම මෙතෙක් සිරව සිටි මායිම් වැටකොටු බිඳ දමමින් උතුර දකුණ යා කරමින් අධ්‍යාත්මිකවත්,භෞතිකවත් සබඳකම් තරවෙමින් පවතී.

තව දුරටත් කියවන්න...

පසළොස්වකට මෝරන සඳ සීගිරි ගල ඉස්මත්තෙන් හීන් සීරුවට පිපෙන සඳ...

  • පී.ඩී.එෆ් (PDF)

seegiri_p_01පසළොස්වකට මෝරන සඳ සීගිරි ගල ඉස්මත්තෙන් හීන් සීරුවට පිපෙනවා.පිදුරංගල විහාරයට පියමනින සීගිරි ලලනාවන්ගේ කෝමල ලාලිතයයට නො ව කාශ්‍යපයන්ගෙන් ඇරයුමක් පතමින් නිල් නෙතු දල්වා බලා සිටින ඇයගේ මැළවුණ වත මා සිත් ගත්තා.

තව දුරටත් කියවන්න...

ජාත්‍යන්තරයේ කිඹුල් කඳුළු කා වෙනුවෙන් ද?

  • පී.ඩී.එෆ් (PDF)

crocodilecryingඅද මේ කතා කරන්නේ එදා එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකාවන් ය. ඔවුන් ව එදා එල්ටීටීඊයට බඳවා ගෙන ඇත්තේ බලහත්කාරයෙනි. ඔවුන්ට අවනත වෙනවා හැරෙන්නට වෙනත් කිසිවක් ඉතුරු ව තිබුණේ නැත. පාසල වෙනුවට බංකරයත්, පෑන පොත වෙනුවට වෙඩි උන්ඩ හා තුවක්කුවත් ඔවුනට ලබාදුන්නේ පිරභාහරන්ගේ කොටි සංවිධානයයි. එදා විඳි හා මෙදා විඳින ජීවිත දෙකෙහි වෙනස සැබවින් ම දන්නෝ ඔවුහු ය. දරුස්මාන්ලාගේ වාර්තාවේ මෙවන් සැබෑ එල්ටීටීඊ චරිතවල සාක්කි එකක්වත් තිබිය නොහැකි ය.

ජාත්‍යන්තරයේ අද ශ්‍රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් ව ඇති දරුස්මාන් වාර්තාව ගැන මේ කතා කරන්නේ වවුනියාවේ පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වන එල්ටීටීඊ සාමාජිකාවන් කිහිප දෙනෙකි. අපි මුලින් ම ඔවුන්ගේ හඬට කන් දී සිටිමු.

තව දුරටත් කියවන්න...

යළි පිබිදුනු කොකාවිල්

  • පී.ඩී.එෆ් (PDF)

7ශ්‍රී ලංකාව ආසියාතික කලාපයේ තොරතුරු සන්නිවේදන ජාලයන්හි කලාපීය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ මහින්ද චින්තන වැඩපිළිවෙළේ එක් සුවිශේෂී සංධිස්ථානයක් ලෙසින් යළිත්  කොකාවිල් බහුකාර්ය සන්නිවේදන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් පසුගිය ජූනි 06 වන දා විවෘත කෙරිණි.

තව දුරටත් කියවන්න...

පාසිකුඩා වෙරළට වැටුණු තරු කැට

  • පී.ඩී.එෆ් (PDF)

maalu_maalu_resort_5නැඟෙනහිර ත්‍රස්තවාදයෙන් මුදාගෙන 2008 මාර්තු 10 දා පැවැත්වුණු පළමු පළාත්පාලන මැතිවරණ දිනයේ දී වාකරේ වෙරුගල් ආරුවේ සිට පොතුවිල් දක්වා ගමන් කරන්නට අපට හැකි විණි. එදා හමුදාවේ ආරක්ෂාව අපට වෙරුගල් සිට පනිච්චන්කර්නි කලපුව තෙක් ලබා දුන්න ද එතැන් සිට අප වාලච්චනේ දක්වා ගමන් කළේ කිසිවෙකුගේ ආරක්ෂාවක් හෝ මාර්ගෝපදේශයක් නැති ව ය. චාලච්චනේ සිට මඩකලපුවටත් එතැන් සිට කාත්තන්කුඩි කල්මුනේ හරහා පොතුවිල් දක්වාත් අප නැඟෙනහිර පළාත හරහා ගමන් කළේ එක් රැයක් මරුන්දුමරඳුහි නවාතැන් ගනිමිනි.

තව දුරටත් කියවන්න...