Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග දේශපාලන

දේශපාලන

යුද අපරාධ චෝදනා.....

  • පී.ඩී.එෆ් (PDF)
Imageයුද අපරාධ චෝදනා ජී. එස්. පී. ප්‍රදානය හා ශ්‍රී ලංකාවේ වර්තමානය
        
 දශක තුනක ගැටලු සහගත ඉතිහාසයක් ගෙවා දමමින් ඉකුත් 2009 වසරේමැද භාගයේ සිට ශ්‍රී ලංකාව නව මං පෙත් සොයා යන ගමනක් ආරම්භ කර තිබේ. ඒ සදහා ලංකා රජය පසුකළ කාල පරිච්ඡේදය ලෙයින් පිරුණු කඳුළින් පිරුණු එකක් වූවා පමණක් නොව එක් පාර්ශ්වයක් මානුෂික වූ දෘෂ්ටියකින් සකලවිධ ලංකා ජනතාවට දෑත් දිගු කරන විට තවත් පාර්ශ්වයක් වෛරයෙන් පලිගැනීමෙන් හා ද්වේශයෙන් වෙඩි උණ්ඩ හා මනුෂ්‍ය ජීවිතවලට භයංකරත්වයක් ගෙන දෙන විනාශකාරි යුද අවි දමා ගැසූහ.

තව දුරටත් කියවන්න...

බෑන්කී මූන්ගේ ....

  • පී.ඩී.එෆ් (PDF)
බෑන්කී මූන්ගේ විශේෂඥ මණ්ඩලයට විද්වතුන්ගේ විරෝධය

මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් පරාජය කරනු පිණිස රජය දියත් කළ මානුෂික  මෙහෙයුමේ දී  මානවහිමිකම් උල්ලංඝනය වීද යන්න පිළිබඳව විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් මහතා විසින් විශේෂඥ මණ්ඩලයක්  පත්කර ඇතැයි ප්‍රකාශ වී තිබේ.

තව දුරටත් කියවන්න...

ජනපතිගේ ඉන්දීය නිල සංචාරය

  • පී.ඩී.එෆ් (PDF)
Imageජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්දීය ජනාධිපතිනි ප්‍රතිභා ප‍ටෙල් මැතිණියගේ ආරාධනයක් මත පසුගිය 08වන දා ඉන්දියාව බලා පිටත්ව ගියේය. මෙම නිල සංචාරය සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනෙකු ද එක් වූහ. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඇතුළු පිරිස ඉන්දියාවේදී මහත් හරසරින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිතුමාගේ මෙම නිල සංචාරයේදී දෙරට අතර අතීතයේදී සිට පැවති මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් විය.

තව දුරටත් කියවන්න...

සීපා ගිවිසුම පිළිබදව.....

  • පී.ඩී.එෆ් (PDF)
Imageසීපා ගිවිසුම පිළිබදව විපක්ෂය නගන චෝදනාවල ඇත්තේ හුඹස් බියක්
                   
සීපා ගිවිසුම පිළිබදව විපක්ෂය නගන චෝදනාවල ඇත්තේ හුදෙක් හුඹස් බියක් පමණක් බව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. තවද මෙම යෝජිත ගිවිසුම වසර දහයක් තිස්සේ ක්‍රියාත්මක කරන නිදහස් වෙළද ගිවිසුමේ ඉදිරි පියවරක් පමණක් බව ද හෙතෙම පවසයි.

තව දුරටත් කියවන්න...

ජනපති ජනහමුව...

  • පී.ඩී.එෆ් (PDF)
ජනපති ජනහමුව - අරලියගහ මන්දිරයේ සිට

අපි රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ සර්වජන ඡන්ද බලය අපට ලැබිල තියෙනව. ඒ සර්වජන ඡන්ද බලයෙන් අපේ රටේ පාලනය සඳහා ජනාධිපතිවරයාගේ සිට පළාත් පාලන ආයතන දක්වා අපේ ඡන්දයෙන් නියෝජිතයින් පත් කරනු ලැබනවා. ඒ නිසා අපිට අයිතියක් තිබෙනවා මේ රට වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සිට පහළ මට්ටම දක්වා මේ රට වෙනුවෙන් සිද්ධවෙන වැඩ පිළිවෙළ පිළිබඳව තොරතුරු දැන ගැනීමට. එය රටේ අයිතියක්. රටේ සිවිල් පුරවැසියන් ලෙස අපේ අයිතියක් බවට පත් වෙනවා.

තව දුරටත් කියවන්න...

තවත් ලිපි...