එදා ත්‍රස්තවාදය නිමා කළ නොහැකි බව කී අය, අද රටේ සංවර්ධනය විවේචනය කරනවා

අමාත්‍ය විමල් වීරවංශ

MP_WW_Amparaකොටි ත‍්‍රස්තවාදය පරාජයට පත්කළ නොහැකි බවට ප‍්‍රකාශ කළ විරුද්ධ පක්ෂයේ  ඇතැම් පිරිස් රට සංවර්ධනය කිරීමට නොහැකි බව ප‍්‍රකාශ කරන බවත් ත‍්‍රස්තවාදය පරාජය කළා සේ ම මේ රට සංවර්ධනය කිරීමටද හොඳ ආත්ම විශ්වාසයක් ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ආණ්ඩුවට පවතින බවත්  ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමට නොහැකි බව පැවසූ ඇතැම් පිරිස් අලිමංකඩ යන බව ප‍්‍රකාශ කරමින් පාමංකඩ යනවා කියා රණ විරුවන්ට කළ අපහාසය පොදු ජනතාවට තවමත් හොඳින් මතක බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ත‍්‍රස්තවාදය මුළුමනින් ම පරාජයට පත්කිරීමෙන් අනතුරු ව ආණ්ඩුව විසින් රටේ මහජනතාවට ජයග‍්‍රහණ රැසක් ලබාදෙමින් රට නව සංවර්ධන මාවතකට ගෙන යන බවත්  එය පිළිගැනීමට අකැමැති නිසා ඇතැම් දේශපාලඥයින් රටේ සංවර්ධනය ගැන අවතක්සේරුවෙන් කතා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ අම්පාර දිස්ත‍්‍රික්කයේ නිවාස හිමිකම්ලාභීන් සඳහා හිමිකම් ඔප්පු සහ නිවාස ඉදිකරගැනීම සඳහා පවුල් කිහිපයකට නිවාස මූල්‍යාධාර ලබාදීම සඳහා අම්පාර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේ පසුගිය දිනක පැවති උත්සවයකට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.


2009 වසරේ අම්පාර දිස්ත‍්‍රික්කයේ නිවාස සංවර්ධන කටයුතු සඳහා වෙන්කර තිබුණු මුදල රුපියල් මිලියන 10ක් පමණක් බවත් නමුත් 2011 වසරේදී අම්පාර දිස්ත‍්‍රික්කයේ නිවාස සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 130කට අධික මුදලක් මේ වන විට වෙන්කර තිබෙන බවත් පැවසීය.

මේ ආකාරයෙන් වැඩි මුදල් ප‍්‍රමාණයක් රටේ සංවර්ධනය වෙනුවෙන් වෙන්කිරීමට හැකිව ඇත්තේ යුද්ධය අවසන් කිරීමේ ප‍්‍රතිලාභ නිසා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

DB

MP_WW_Ampara_1MP_WW_Ampara_2

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 09:14