ග්‍රාම නිලධාරී වසම් 30ක පුද්ගලයින් 71000කට සෙත සැලසෙන පරිදි ජල සම්පාදන ව්‍යාපෘතියක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි කුරුණෑගල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.
දැදුරුඔයෙන් කුරුණෑගලට පානීය ජල ව්‍යාපෘතියක්
පළමු පොපි මල ජනපතිට පළඳවයි
නොවැම්බර් මස 11 වැනි දිනට යෙදෙන පොපි මල් දිනය වෙනුවෙන් පළමු පොපි මල අද (27) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැළඳවීම සිදු කෙරිණි.
වසර 40කින් ලෝකයේ ඉන්ධන අවසන්
කොකාවිට කුඩා ජලවිදුලි බලාගාරයට මුල්ගල තබමින් ඇමති කියයි‘තව වසර 40කින් පමණ ඉන්ධනවල අවසන් වීමක් පෙන්නුම් කරන බවත් තෙල් නැති ලෝකයක පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයන්හි ප්රවර්ධනයක් ඇති කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කෝට්ටේ මාර්ග 23ක් කාපට් කර සංවර්ධනයට
අමාත්‍ය සුසිල් පේ්රමජයන්තශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට අයත් මාර්ග 23ක් ලබන මස අවසන්වීමට ප්‍රථම සම්පූර්ණයෙන් කාපට් කර ජනතා අයිතියට පැවරීමට නියමිත බව එම නගර සභා සංවර්ධන කමිටුවේ සභාපති හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප්‍රකාශ කරයි.
කොඩිප්පිලිකන්ද විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කොඩිප්පිලි කන්ද විදුලි යෝජනා ක්‍රමය විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පැවරීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් සිදු කෙරිණි.
'සුවබර දිවියකට ව්‍යායාම' පොලොන්නරුවෙන්
ලෝක හදවත් දිනයට සමගාමී ව පොලොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය, තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා උතුරු මැද ක්‍රීඩා අමාත්‍යාංශය එක් ව සංවිධානය කරන ලද 'සුවබර දිවියකට ව්‍යායාම' මැයෙන් ව්‍යායාම ජනප්‍රිය කිරීමේ වැඩසටහනක් ඊයේ (26) පෙරවරුවේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් ඉස්මත්තේ දී පැවැත්වූ බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.
ලෝක සංචාරක දිනය වෙනුවෙන් සමරු මුද්දර 10ක්
ලෝක සංචාරක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය සංචාරක ප්‍රවර්ධනයට අදාළ තේමා 8ක් මුල් කරගනිමින් මුද්දර 10ක් නිකුත් කළ අතර එහි ප්‍රථම මුද්දර පෙළ තැපැල් සේවා අමාත්‍යංශයේ ලේකම් හේමසිරි කාරියවසම් හා සංචාරක මණ්ඩලයේ සභාපති නාලක ගොඩහේවා මහත්වරුන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 10:05
පාසැල් දරුවන් වැඩිහිටි පිරිසට ආදර්ශයක්
නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන
වර්තමාන කොළඹ ඒ ආකාරයෙන් ම තබා ගැනීමට අවශ්‍ය බව කියන වැඩිහිටි පිරිසට පාසැල් දරුවන් කලම්බු වෝල් චිත්රයෙන් හොඳ ආදර්ශයක් ලබා දී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
පැළ තවාන්වල ගුණාත්මක නැංවීමට මිලියන 19.6ක ආධාර
දිවිනැගුම ජාතික වැඩසටහන යටතේ ජනතාව වෙත ලබාදීම සඳහා පැළ ලක්ෂ 9ක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් පැළ තවාන් මඩු 150ක ගුණාත්මක බව ඉහළ නැංවීමට රුපියල් මිලියන 19.6ක මුදලක් ඊයේ (26) පැළ තවාන්කරුවන් වෙත පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී බෙදාදෙන ලදී.
අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 07:31
ලෝක ළමා දිනයට කුරුණෑගල සැමරුම් උත්සවයක්
ඔක්තෝබර් 01 වෙනි දිනට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික් විශ්ව ළමා දින සැමරුම් උත්සවය ලබන මස 01 වෙනි දින පෙ.ව 9.00 සිට කුරුණෑගල නගර ශාලාවේ දී පැවැත්වේ.
දොරමඬලාව ගම්මානයට ලංකා බැංකුවෙන් සෙවණ
මිහින්තලය ප්‍රදේශයේ ඇති පැරණිතම ගම්මානයක් වන දොරමඬලාව ගම්මානය සංවර්ධනය කර සංවර්ධිත ගම්මානයක් බවට පත් කිරීමේ පූර්ණ දායකත්වය ලංකා බැංකුව මඟින් සිදු කෙරේ.
අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 07:18