ශවේන්ද්‍ර සිල්වාට නොතීසි නිකුත් කිරීම වියානා සම්මුතියට පටහැනියි

shavendra

විදේශ කටයුතු අමාත්‍යංශය

නිව්යෝර්ක් අධිකරණයක් විසින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහි ව නොතීසි නිකුත් කිරිම වියානා සම්මුතියට පටහැනි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී එක්සත් ජාතීන් විසින් වියානා සම්මුතිය වැදගත් කොට සලකන බවත්, එකී සම්මුතියට අනුව ශවේන්ද්‍ර සිල්වා මහතාට රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස නිර්මුක්ති හා වරප්‍රසාදවලින් ආරක්ෂාව පවතින බව එම නිවේදනයෙන් පෙන්වාදෙයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ වියානා සම්මුතියට අනුව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට නිර්මුක්ති හා වරප්‍රසාද වශයෙන් ආරක්ෂාව සැලසී ඇත.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජගත් මහ ලේකම් බෑන් කී මූන් මහතා මේ  සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.

එසේම ජනාධිපතිතුමා එහිදී  ශවේන්ද්‍ර සිල්වා මහතාට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිසියාකාරව කරගෙන යාම සඳහා උපරිම ආරක්ෂාව හා පහසුකම් සලසන ලෙස ඉල්ලා සිටි බව ද විදේශ කටයුතු අමාත්‍යංශය තවදුරටත් පවසයි.

saku

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 06:07