Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත්

පුවත්

සිංහරාජය තුළ යෝජිත මාර්ගයේ ඉදිකිරීම් නවත්වන ලෙස ඇමතිගෙන් උපදෙස්

  • පී.ඩී.එෆ් (PDF)

sinharaja_forestසිංහරාජ වනාන්තරය ආශ්‍රිත ව ඉදිකිරීමට යෝජිත ව පැවති මාර්ගය ඉදිකිරීමේ කටයුතු වහා ම නවතන ලෙස පරිසර ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා වන සංරක්ෂණ ජනරාල්, අදාළ දිස්ත්‍රික් ලේකම්වරු සහ අදාළ පොලිස් බලධාරීන්ට උපදෙස් දී ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 15 වෙනි බ්‍රහස්පතින්දා, 09:23

තව දුරටත් කියවන්න...

ලංවිම හදිසි වැටලීම් මගින් මිලියන 23ක්

  • පී.ඩී.එෆ් (PDF)

cebලංවිම හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් පසුගිය අගෝස්තු මස සිදුකරන ලද වැටලීම් තුළින් රුපියල් මිලියන 23ක ආදායමක් ලබා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 15 වෙනි බ්‍රහස්පතින්දා, 09:19

තව දුරටත් කියවන්න...

පැරදුණු විට හේතු නොකියා දුර්වලතා හදාගන්න

  • පී.ඩී.එෆ් (PDF)

- ඇමති ලක්ෂ්මන් යාපා එජාපයට කියයි

LAXMAN_YAPAමැතිවරණ පරාජය වූ විට ඒ සඳහා විවිධ හේතු ඉදිරිපත් කිරීම වෙනුවට තම දුර්වලතා සකස් කරගන්නැයි වැඩබලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයට කියයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 15 වෙනි බ්‍රහස්පතින්දා, 08:48

තව දුරටත් කියවන්න...

වන ජීවී ආඥා පනත අකුරට ම ක්‍රියාත්මක කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

ඇමති එස්.එම්. චන්ද්‍රසේන

MP_SM_Chandrasenaවන ජීවී ආඥා පනත අකුරට ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ගොවිජන සේවා හා වන ජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි.

තව දුරටත් කියවන්න...

වෘත්තීය ක්‍රියාමාර්ග අත්හරිනවා

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකා කෘ.ප.නි.ස. සංගමයේ සභාපති

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ සංගමයේ සභාපති නවරත්න හේරත් මහතා ප්‍රකාශ කළේය.

තව දුරටත් කියවන්න...

ජාතික ප්‍රතිශක්තීකරණයට නව එන්නතක්

  • පී.ඩී.එෆ් (PDF)

MMRශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට එම්.එම්.ආර්. (MMR) නමින් නව එන්නතක් සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වාදෙයි.සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා රෝග සඳහා මෙම ප්‍රතිශක්තීකරණ එන්නත ලබන ඔක්තෝබර් පළමු වැනි දා සිට ලබාදෙනු ඇත.

තව දුරටත් කියවන්න...

කොළඹ අඩු ආදායම්ලාභීන්ට තවත් නිවාස ඒකක 500ක්

  • පී.ඩී.එෆ් (PDF)

අවම වශයෙන් නිවාස ඒකක 30,000ක් අවශ්‍යයි - ඇමති ලක්ෂ්මන් යාපා

lakshman_yapa_abeywardenaකොළඹ ප්‍රදේශයේ අඩු පහසුකම් නිවාස ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යපෘතිය යටතේ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස 500ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැගීමට නියමිතය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 15 වෙනි බ්‍රහස්පතින්දා, 06:58

තව දුරටත් කියවන්න...

ජගත් ඕසෝන් දිනය හෙට

  • පී.ඩී.එෆ් (PDF)

ජගත් ඕසෝන් දිනය හෙටට (16) යෙදී ඇත. ඒ නිමිත්තෙන් පැවැත්වෙන ජගත් ඕසෝන් දින ජාතික උත්සවය තිස්සමහරාම, දෙබරවැව ජාතික පාසලේ දී පැවැත්වීමට නියමිතය.

තව දුරටත් කියවන්න...

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

පසුගිය අගෝස්තු මස 21 වන දින පවත්වන ලද පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (15) නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි.

තව දුරටත් කියවන්න...

නම්නීකරණ වැඩසටහනේ විභාගවලට සරසවි ප්‍රවේශලාභීන් පෙනීසිටිය යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)

රටවටා මේ වනවිට ක්‍රියාත්මක වන පූර්ව නම්නීකරණ ව්‍යාපෘතියට සම්බන්ධවන සහ සම්බන්ධ නොවන සියලු විශ්වවිද්‍යාල ප්‍රවේශලාභී සිසුන් එම වැඩසටහනේ අවසාන විභාගයට පළමුව පවත්වනු ලබන ලිඛිත හා වාචික විභාගයට පෙනී සිටිය යුතු බව පූර්ව නම්නීකරණ  ව්‍යාපෘතිය දන්වා සිටියි.

තව දුරටත් කියවන්න...

කේ. ජයතිලක සූරීන් අභාවප්‍රාප්ත වේ

  • පී.ඩී.එෆ් (PDF)

K_jayathilakeසිංහල සාහිත්‍යයේ ප්‍රගමණයෙහිලා මහඟු මෙහෙයක් ඉටුකළ ප්‍රවීණ ගත්කතුවරයකු, විචාරකයකු මෙන් ම චින්තකයකු වූ කේ. ජයතිලක (85) මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී ඊයේ (14) රාත්‍රී අභාවප්‍රාප්ත වූ බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට වාර්තා වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 15 වෙනි බ්‍රහස්පතින්දා, 02:38

තව දුරටත් කියවන්න...

ආයෝජන සඳහා සියලු ම සාධකවලින් ලංකාව සමන්විතයි

  • පී.ඩී.එෆ් (PDF)
ඇමති බැසිල් කුරුණෑගල දී පවසයි 
PBank_Kurnigalle_BRව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ම සාධක ලංකාව තුළ සකස් කර ඇති බවත්, ලෝකයේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා සුදුසු ම රටවල් අතරට ලංකාව පත් ව ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 14 වෙනි බදාදා, 13:34

තව දුරටත් කියවන්න...

නිදහස් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් ඖෂධ ප්‍රතිපත්තිය එළිදක්වනවා

  • පී.ඩී.එෆ් (PDF)

වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක

Minister_Lalith_disaanayakaනිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරමින් ඖෂධ ප්‍රතිපත්තිය එළිදක්වා ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ජනතාවට ලබාදීමට කටයුතු කරන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 14 වෙනි බදාදා, 12:19

තව දුරටත් කියවන්න...

නාගදීපය වැඳපුදා ගැනීමට අතිවිශාල පිරිසක්

  • පී.ඩී.එෆ් (PDF)

පසුගිය අගෝස්තු මස පාසැල් නිවාඩු සමයේදී බෞද්ධ ජනතාවගේ පූජනීය ස්ථානයක් වන නාගදීපය වන්දනා කිරීම සඳහා 1,95,900කට අධික ජනතාවක් පැමිණි බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 14 වෙනි බදාදා, 10:44

තව දුරටත් කියවන්න...

නායයාමේ අවදානම පහව ගියත් අවධානයෙන් ඉන්න

  • පී.ඩී.එෆ් (PDF)

පවතින වර්ෂාව හේතුවෙන් නායයාමේ අවදානමක් ප්‍රකාශයට පත්කළ දිස්ත්‍රික්කවල අවදානම් තත්ත්වය මේ වන විට පහව ගොස් ඇතත් ජනතාව ඒ පිළිබඳ ව නිරන්තර අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 14 වෙනි බදාදා, 10:17

තව දුරටත් කියවන්න...

ජනපති වේල්ස් කුමරි පිරිත් පිංකමට

  • පී.ඩී.එෆ් (PDF)

01මොරටුව වේල්ස් කුමරි විදුහලේ135 වන සංවත්සරය සහ එම විදුහලේ ආදි කර්තෘ චාල්ස් හෙන්රි ද සොයිසා මැතිතුමාගේ 175 වන ජන්ම දිනය වෙනුවෙන් ඊයේ (13) එම විදුහලේ පැවති පිරිත් පිංකමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගි විය.

 

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 14 වෙනි බදාදා, 10:17

තව දුරටත් කියවන්න...

මානව හිමිකම් කවුන්සලය දරුස්මාන් වාර්තාව සලකා බැලීමට තීරණය කර නෑ

  • පී.ඩී.එෆ් (PDF)

GLවිදෙස් ඇමති රජයේ නිල පුවත් වෙබ් අඩවියට කියයි

මේ වන විට ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සලය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට උපදෙස් ගැනීම සඳහා සකස් කළ නිල නොවන වාර්තාව සලකා බැලීමට තීරණය කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසුවේ ය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 14 වෙනි බදාදා, 09:55

තව දුරටත් කියවන්න...