Sunday, Aug 19th

Last update04:58:08 PM GMT

You are here පුවත්

පුවත්

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කිරීමේ මධ්‍යස්ථානයක් කුරුණෑගලට

  • පී.ඩී.එෆ් (PDF)

මධ්‍යම පරිසර අධිකාරිය හා කුරුණෑගල මහනගර සභාව පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ ආදර්ශ මධ්‍යස්ථානයක් සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.

තව දුරටත් කියවන්න...

ජාත්‍යන්තර ළමා දින දිවයින පුරා විවිධ වැඩසටහන්

  • පී.ඩී.එෆ් (PDF)

ඔක්තෝබර් 01 දිනට යෙදී ඇති ජාත්‍යන්තර ළමා දිනයට සමගාමී ව දිවයින පුරා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය වාර්තා කරයි.

තව දුරටත් කියවන්න...

විදුලිබල මණ්ඩලයේ එස් 5 සම්මාන ප්‍රදානය හෙට

  • පී.ඩී.එෆ් (PDF)

ලංකා විදුලිබල මණ්ඩලය මගින් ප්‍රථම වරට පවත්වනු ලබන එස්5 සම්මාන ප්‍රදානෝත්සවය හෙට (30) පෙ.ව 9.00ට බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වෙන බව එම අමාත්‍යාංශය අප වෙබ් අඩවියට දැනුම් දෙයි.

තව දුරටත් කියවන්න...

ජාත්‍යන්තර ළමා දින සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් කොළඹ දී

  • පී.ඩී.එෆ් (PDF)

"මේ දරු කාගේ- නුඹගේ අපගේ- සුරකිමු රට දැය වාගේ"
2011 වසරේ ජාත්‍යන්තර ළමා දින ජාතික සැමරුම් උත්සවය ලබන 01 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිත බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය නිල පුවත් වෙබ් අඩවියට දැනුම් දෙයි.

තව දුරටත් කියවන්න...

වෙනත් පක්ෂවල බෙදීම් හෝ ගැටුම්වලට උත්තර දෙන්න අවශ්‍යතාවක් නෑ

  • පී.ඩී.එෆ් (PDF)

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය

cabinet_press_2011-09-29ජවිපෙ ප්‍රශ්නය පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස වෙනත් පක්ෂවල බෙදීම් හෝ ගැටුම්වලට උත්තර දෙන්න අවශ්‍යතාවක් හෝ අයිතියක් නැති බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

තව දුරටත් කියවන්න...

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් විශේෂ ධර්ම දේශනාවක්

  • පී.ඩී.එෆ් (PDF)

ඔක්තෝබර් 01ට යෙදී තිබෙන ජාත්‍යන්තර ළමා දිනයට සමගාමී ව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ජාතික රූපවාහිනිය සමඟ එක් ව ළමයින් වෙනුවෙන් ධර්ම දේශනාවක් ඔක්තෝබර් 02 දින ප.ව 5.00ට ජාතික රූපවාහිනියේ විකාශය කිරීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

තව දුරටත් කියවන්න...

රටක ආර්ථික සංවර්ධනයේ දී මාර්ග පද්ධතිය ඉතා වැදගත්

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල
cabinet_press_2011-09-29රටක ආර්ථික සංවර්ධනයේ දී මාර්ග පද්ධතිය ඉතා වැදගත් බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

තව දුරටත් කියවන්න...

ජලය ගැන අන්තර්ජාතික සමුළුව අද මහනුවර දී ඇරඹේ

  • පී.ඩී.එෆ් (PDF)

''ප්‍රජාව හා ජල සේවා, තිරසර භාවිතයට ඇති අභියෝග" මැයෙන් තෙදින අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් අද (29) මහනුවර, ගන්නෝරුවේදී ආරම්භ වේ.

තව දුරටත් කියවන්න...

තැපැල් ඡන්දය අද උදේ 8ට ඇරැඹෙයි

  • පී.ඩී.එෆ් (PDF)
postal_votesමහ නගර සභා 17ක් එක් නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා 5ක් වෙනුවෙන් පවත්වනු ලබන පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (29) පෙරවරු 8.00ට ආරම්භ වේ.

තව දුරටත් කියවන්න...

සමීක්ෂණ අනුව ආයතන 23ම සන්ධානයට

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය නිමල් සිරිපාල
nimal_siripa_de_silva5කරන ලද සමීක්ෂණ වාර්තා හා ලැබෙන තොරතුරු අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 23ම ජය්‍රහණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි වන බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 11:56

තව දුරටත් කියවන්න...

අවුරුදු 60ක් කොළඹ පාලනය කළ එජාපයට කසල කළමනාකරණයට පුංචි ඉඩමක් වෙන් කරන්න බැරිවුණා

  • පී.ඩී.එෆ් (PDF)

බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල
අවුරුදු 60කට ආසන්න කාලයක්  එජාපය කොළඹ මහ නගර සභාව පාලනය කළත් කොළඹ ජනතාව වෙනුවෙන් එක පුංචි ඉඩම් කැබැල්ලක් කසල කළමනාකරණයට වෙන් කරන්න ඔවුන්ට නොහැකි වුණා යැයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 12:20

තව දුරටත් කියවන්න...

විශ්වවිද්‍යාල නිදහස්, නිවහල්, ශීලාචාර ස්ථාන බවට පත් කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය එස්.බී. දිසානායක
‍විශ්වවිද්‍යාල නිදහස්, නිවහල් සහ ශීලාචාර තැනක් බවට පත්කරන්නට සියලු කටයුතු කරනවා. මෙම වැඩසටහනට ලංකාවේ සිටින බුද්ධිමය සම්පත් මෙන් ම ශාරීරික සුවතා වැඩසටහන් සඳහා ඉහළ ම මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය ලබාගන්නවා යැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසී ය.

තව දුරටත් කියවන්න...

තාක්ෂණ ප්‍රදර්ශනය ඔක්තෝබර් 24, 25

  • පී.ඩී.එෆ් (PDF)

Pavithra_wanniarachchi_sතාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය මඟින් සංවිධානය කරනු ලබන තාක්ෂණ ප්‍රදර්ශනය ඔක්තෝබර් 24 සහ 25 දිනයන්හි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

තව දුරටත් කියවන්න...

එදා ත්‍රස්තවාදය නිමා කළ නොහැකි බව කී අය, අද රටේ සංවර්ධනය විවේචනය කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය විමල් වීරවංශ

MP_WW_Amparaකොටි ත‍්‍රස්තවාදය පරාජයට පත්කළ නොහැකි බවට ප‍්‍රකාශ කළ විරුද්ධ පක්ෂයේ  ඇතැම් පිරිස් රට සංවර්ධනය කිරීමට නොහැකි බව ප‍්‍රකාශ කරන බවත් ත‍්‍රස්තවාදය පරාජය කළා සේ ම මේ රට සංවර්ධනය කිරීමටද හොඳ ආත්ම විශ්වාසයක් ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ආණ්ඩුවට පවතින බවත්  ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 09:14

තව දුරටත් කියවන්න...

තෙත් බිම් විගණනයට පරිසර අධිකාරිය සැරසෙයි

  • පී.ඩී.එෆ් (PDF)

Charitha_Herathතෙත් බිම් විගණනය කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ ව අවධානය යොමු වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා පවසයි.

තව දුරටත් කියවන්න...

ලෝක අමද්‍යප දිනයට සුරාසැල් වැසේ

  • පී.ඩී.එෆ් (PDF)

Alcoholඔක්තෝබර් 3 වන දිනට යෙදෙන ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් දිවයින පුරා ඇති සියලු ම සුරා සැල් වසා දැමෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 07:57

තව දුරටත් කියවන්න...

චීන සමූහාණ්ඩුවේ 62 වන ජාතික දින සමරු උත්සවය කොළඹදී

  • පී.ඩී.එෆ් (PDF)

ශී‍්‍ර ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය විසින් සංවිධානය කරන, චීන මහජන සමූහාණ්ඩුවේ 62 වන ජාතික දින සමරු උත්සවය අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (29) කොළඔ, නව නගර ශාලාවේදී පැවැත්වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 07:44

තව දුරටත් කියවන්න...