Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව අධිකාරියක් නැති ව මුල්‍ය තැන්පතු ගැනීමට දැන්වීම් පළකිරීම වරදක්

අධිකාරියක් නැති ව මුල්‍ය තැන්පතු ගැනීමට දැන්වීම් පළකිරීම වරදක්

  • පී.ඩී.එෆ් (PDF)
Ranjith_Siyambalapitiya

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
අධිකාරියක් නොමැති ව මූල්‍ය තැන්පතු ලබා ගැනීම සඳහා ප්‍රචාරණය කිරීම හා ප්‍රචාරක දැන්වීම් පළ කිරීම වරදක් බව විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී මුදල් ව්‍යාපාර පනත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධිත පනත සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් හි විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

මුදලක් ගෙවන්න පුළුවන් නම් රටේ ඕනෑ ම විද්‍යුත් මුද්‍රිත ආයතනයක කැපී පෙනෙන  දැන්වීම් පළ කරනවා. ජනතාව රැවටෙනවා. වැරදි කරන මූල්‍ය ආයතනත් එය සිදු කරනවා.

හතු පිපෙන්නාක් මෙන් මෙවැනි ආයතන ගම්වල ඇතිවෙනවා. රටේ පිළිගත් ආයතනවල නම් හෝ නම්වල කෑලි අරගෙන මෙම ආයතනවලට ජනතාව නොමඟ යැවීම පහසුයි. මින් ඉදිරියට එවැනි වචන භාවිත කරන්නට බෑ.

රටක මූල්‍ය පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී මහ බැංකුව ප්‍රධාන නියමුවා හැටියට මැදිහත්වන බව ද මූල්‍ය සමාගම්වල ස්ථාවරත්වයට ස්ථීරසාර විසඳුමක් හා ජනතාවට විශ්වාස කළ හැකි ලෙස නීති පද්ධතිය සකස් කර සම්මත කරගන්නා අවස්ථාවක් බව ද අමාත්‍යවරයා පැවසී ය.

PR