Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව පැල්පත් වැඩි කර ඡන්දය ගැනීම එජාප අරමුණයි

පැල්පත් වැඩි කර ඡන්දය ගැනීම එජාප අරමුණයි

  • පී.ඩී.එෆ් (PDF)
nimal_siripala_de_silva

සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල
එජාප පාලන කාලයේ නගර සභාව තුළ පැල්පත් වැඩිකරලා, පැල්පත් ජනතාව දුක්ඛිත තත්ත්වයට පත්කරලා. ඒ තුළින් ඡන්දය ලබාගැනීමටයි බලාපොරොත්තු වුණේ යැයි සභානායක, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ඊයේ (21) පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් පැවසී ය.

‘අද කොළඹ නගරය ආලෝකමත්. ජනතාවගේ ජීවන තත්ත්වය වර්ණවත් කරන්න ඕනෑ. අපේ ආර්ථික ප්‍රගමනයේ වාසිය ලැබෙන්නේ ජනතාවට. එහි වාසිය ජන ජීවිතයට බලපානවා. එමඟින් ජන ජීවිතයේ ගුණාත්මක බව වැඩි වෙනවා.

එජාපය අද කැප්ටන් කෙනෙක් නැති රුවල් නැවක් වගේ. ඒ නැවේ හිටියොත් ගිලෙනවා. දේශපාලන අනාගතයක් නෑ. ජනාධිපතිතුමා ඔවුන්ට නිවැරදි දේශපාලනය දීමේ අවස්ථාව ලබාදුන්නා යැයි අමාත්‍යවරයා කීය.

ගාල්ල නගරයේ දැවැන්ත සංවර්ධනයක් සිද්ධවෙනවා. නගරයේ සුන්දරත්වයට  තම අයිතීන් තිබෙන ජනතාවට අසාධාරණයක් කරන්නට මේ රජය සූදානම් නෑ.

සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලිනී ෆොන්සේකා මහත්මිය එය ස්ථිර කළාය.

ගාල්ල නගරයේ වැසි වතුර ප්‍රශ්නය විසඳීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ගාල්ල පමණක් නො ව රටේ ම නගර සංවර්ධනය කර ආසියාවේ ආශ්චර්ය බවට පත්කළ යුතු බව යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා  පැවසී ය.

PR