Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව රජය ජනතාවට ඉඩම් දුන්නත් සමාගම්වලට එසේ ඉඩම් දෙන්නේ නෑ

රජය ජනතාවට ඉඩම් දුන්නත් සමාගම්වලට එසේ ඉඩම් දෙන්නේ නෑ

  • පී.ඩී.එෆ් (PDF)
Lakshman-Yapa-Abeywardena5

නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා
රජයේ ක්‍රියාත්මක ඉඩම් ප්‍රතිපත්තියට පටහැනි ව එකදු ඉඩමක් විදේශීය හෝ දේශීය සමාගමකට ලබා දී නැතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා  පවසයි.

සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයේ දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී එසේ පැවසී ය.

සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී. යෝජනාව ස්ථීර කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදු කළේ ය.

රජයේ ඉඩම් දෙස් විදෙස් සමාගම්වලට විකිණීම හා රටේ ඉඩම්වල වත්මන් තත්ත්වය පිළිබඳ ව යෝජනාවෙන්  ඉදිරිපත් විය.

මෙයට අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා; ‘පාර්ලිමේන්තුවට පමණක් නො ව මුළු රටට ම වැරදි මතයක් ගෙන ඒමටයි මෙම යෝජනාව ගෙන ආවේ. මේ රජය ගොවි ජනතාවට සහ ඉඩම් නොමැති අයට බෙදා දෙන ඉඩම් දේශීය හෝ විදේශීය සමාගම්වලට ලබා දී නෑ.

මහින්ද චින්තනය යටතේ මේ වනවිට ඉඩම් කැබලි ලක්ෂයක් ලබා දී තිබෙනවා. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ 2005 සිට 2011 දක්වා ඉඩම් කට්ටි 127607ක් ලබාදීමට කටයුතු කළා.

කල්පිටිය දූපත් 14න් එක ඉඩමකටවත් ඔප්පු දීලා නෑ. දූපත්වලින් කිසි ම ධීවරයෙක් ඉවත් කරන්නෙ නෑ. ආයෝජකයින් මේ රටට ඒම වළක්වන්නයි මෙවැනි දේ කරන්නේ යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

PR