Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව ජවිපෙ විසඳාගත නොහැකි ප්‍රශ්න රැසක

ජවිපෙ විසඳාගත නොහැකි ප්‍රශ්න රැසක

  • පී.ඩී.එෆ් (PDF)
jagath_pushpakumara

අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර
ජවිපෙ තුළ අද විසඳාගත නොහැකි ප්‍රශ්න රාශියක් මතු වී ඇතැයි පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර මහතා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් මේ බව සඳහන් කළේ ය.

යෝජනාව සම්බන්ධයෙන් විවාදය  පැවැත්වෙන අතරතුරදී  යෝජනාව ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුරකුමාර දිසානායක මහතා හා යෝජනාව ස්ථීර කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජාප) සභාවේ නො සිටීම පිළිබඳ ව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරු ප්‍රශ්න කළේ ය.

මෙවැනි විවාදයක දී සභාවේ රැඳී සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය.

මේ පිළිබඳ ව අදහස් දැක් වූ අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර මහතා; ‘මේක ආණ්ඩුවට මඩ ගහන්න කළ උපක්‍රමයක්. පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා පිළිතුරු දෙන අවස්ථාවේ මහජනතාවට කරන ගෞරවයක් ලෙස සභාවේ සිටිය යුතුයි. මේ සභාවේ නොමැතිවීම ගැන කණගාටු වෙනවා. සමස්ත ජනතාව වෙනුවෙන් අප්‍රසාදය පළ කරනවා.

ලංකා පුවත්පත බෙදාගන්න බැරි ව මිරිහාන පොලීසියට ගිහිල්ලා. ජවිපෙ කණ්ඩායම් රාශියකට බෙදිලා‘යැයි අමාත්‍යවරයා පැවසී ය.

PR