Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව යෝජනාව ස්ථීර නොකිරීමෙන් දෙ.ජා.ස‍. විවාදය නතර වේ

යෝජනාව ස්ථීර නොකිරීමෙන් දෙ.ජා.ස‍. විවාදය නතර වේ

  • පී.ඩී.එෆ් (PDF)
parliament_indoor

දෙමළ ජාතික සන්ධානය ඊයේ (23) පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඉදිරිපත් කළ සභාව කල්තැබීමේ යෝජනාව ස්ථීර කිරීමට විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු නොමැති වීම හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි විය.

යාපනයේ ඉඩම් ලියාපදිංචි කිරීම් අවලංගු කරන්නැයි ඉල්ලමින් යාපනය දිස්ත්‍රික් දෙ.ජා.ස‍. පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. විනයාගමූර්ති මහතා විසින් සභාව කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

කල්තැබීමේ යෝජනාව ස්ථීර කිරීම සිදු නොවුණු නිසා විවාදය තවදුරටත් පැවැත්විය නොහැකි බව මුලසුනේ සිටි පත්කළ මන්ත්‍රී අල්හාජ් ඒ.එච්.එම්. අස්වර් මහතා තීරණය කළේ ය.

PR