Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව මහාමාර්ග වෙනුවෙන් ගෙවූ වන්දි මිලියන 24000ක්

මහාමාර්ග වෙනුවෙන් ගෙවූ වන්දි මිලියන 24000ක්

  • පී.ඩී.එෆ් (PDF)

පසුගිය වසර 20ක කාලය තුළ මහාමාර්ග ඉදිකිරීම සඳහා වාර්ෂික ව පවරාගත් ඉඩම් ප්‍රමාණයන් සඳහා රජය දැනට ගෙවා ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන විසි හතර දහස් හතරක් (24,004)කි.

මේ බව ඊයේ (23) පාර්ලිමේන්තුවේ අසන ලද වාචික ප්‍රශ්නයක් වෙනුවෙන් සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) දයාසිරි ජයසේකර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නය යොමු කරනු ලැබ තිබිණි.

මේ සඳහා ගෙවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය රුපියල් මිලියන තිස් හතර දහස් හයසිය හැත්තෑ පහ(රු. 34,675)කි. තවදුරටත් ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන දස දහස් හයසිය හැත්තෑ එකක් (රු. 10,671)ක් බව සභාගත කළ පිළිතුරේ සඳහන් වේ.

මෙම මුදල් ගෙවා නිම කරන්නේ කවදාදැයි අසා තිබූ  ප්‍රශ්නයට ලබාදී ඇති පිළිතුර  ලෙස සඳහන් ව ඇත්තේ; සම්පූර්ණයෙන් ම ගෙවා අවසන් කිරීමට නොහැක්කේ රජයේ සංවර්ධන අවශ්‍යතාවන්ට ඉඩම් අත්පත් කර ගැනීම නිරන්තරයෙන් සිදුවන ක්‍රියාවලියක් නිසා බවත් වාර්ෂික ව ප්‍රතිපාදන ලැබීම අනුව ගෙවීම් සිදුකෙරෙන අතර ගෙවීමට ඇති මුදල අවම මට්ටමකින් පවත්වාගෙන යාමට කටයුතු කරනු ලබන බව ද ප්‍රමාද වූ ගෙවීම් සඳහා පොලී මුදලක් ගෙවනු ලබන බව ද සභාගත කළ පිළිතුරේ සඳහන් වේ.

PR