Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව "පැහැසර අරුණ" බදුල්ල සාහිත්‍ය උත්සවය 27

"පැහැසර අරුණ" බදුල්ල සාහිත්‍ය උත්සවය 27

  • පී.ඩී.එෆ් (PDF)
painting

"පැහැසර අරුණ" බදුල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය ලබන 27 වෙනි දා පෙ.ව 8.30 සිට බදුල්ලේ සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත බව බදුල්ල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

'කවිය, ගීතය හා ශ්‍රී ලාංකික සමාජය' යන මැයෙන් මෙම සාහිත්‍ය උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික පීඨයේ මහාචාර්ය සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා විසිනි.

ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ ගීත රසවින්දන වැඩසටහනකින් ද සමන්විත බදුල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයේ දී දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කොට්ඨාස මට්ටමින් පවත්වන ලද ගද්‍ය, පද්‍ය, කෙටිකතා, ගීත රචනා හා නර්තන තරගවලින් ජයග්‍රහණය කරන ලද පිරිසට ත්‍යාග හා සහතික පත් පිරි නැමීම ද සිදු කෙරේ.

NDH/ AD- DMU Badulla