Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන වැඩි මිලට වුවත් නැවුම් පිරිසිදු එළවළු ගැනීමට ජනතාව සූදානම්

වැඩි මිලට වුවත් නැවුම් පිරිසිදු එළවළු ගැනීමට ජනතාව සූදානම්

  • පී.ඩී.එෆ් (PDF)

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන
වැඩි මිලකට වුවත් නැවුම් පිරිසිදු එළවළු මිලදී ගැනීමට ජනතාව සූදානම් බවත් ජනාධිපතිතුමාගේ කෘෂිකාර්මික සැලසුම් ඉදිරි අවුරුදු විසිපහකට වැඩි බවත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ගොවි බිමෙන් සරු හෙටක්, දිවි නැගුම, ගෘහ ආර්ථික දස ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ වැලිගම පැවති වැඩසටහනක් සඳහා පසුගියදා එක් වෙමිනි.

ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයට ගැණෙන ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්ක 4ට අමතර ව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය හා කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 02 ද ආවරණය වන පරිදි ගෘහ ආර්ථික ඒකක 1,500ක් සංවර්ධනය කිරීමේ කර්තව්‍යයට ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය උර දී සිටී.

ගෘහ ආර්ථික ඒකක සංවර්ධනයේ මූලික අංශය වනුයේ තමාට හිමි ගෙවත්ත සුදුසු පරිදි කෙටිකාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන භෝග යොදා චිරස්ථායී මට්ටමක පවත්වා පවුල් ඒකකය තුළ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමයි.

දකුණු පළාතේ වගා කරන ක්‍රමවේදයන්වලට අනුව සම්ප්‍රදායික සිරිත් විරිත්, සාම්ප්‍රදායික ගොවිතැන්, නිෂ්පාදන රටාවන් ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, එක් එක් පුද්ගලයාට වෙන් වූ බෝග වගාවන් ඇති බවත්, එම වගාවන් සියලු ම දේ ලාභදායී වගාවන් බවට පත් කර ගැනීමෙන් මෙම වගා කිරීම හැම දිනකම රැක ගත හැකි වනු ඇති බවත්ය.

එමෙන් ම ඇඹිලිපිටියේ අක්කර 5,000ක ප්‍රදේශයක ලොකු ළූණු වගා කිරීම සාර්ථක වුවහොත් 60%ක ලොකු ලුණු නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේදී ම නිෂ්පාදනය සිදු කිරීමට හැකි වන බවත් එය අප සියලු ම දෙනාගේ ජයග්‍රහණයක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ECB