Wednesday, Dec 13th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන වසර 40කින් ලෝකයේ ඉන්ධන අවසන්

වසර 40කින් ලෝකයේ ඉන්ධන අවසන්

  • පී.ඩී.එෆ් (PDF)
MP_patali_cChampilka_ranawaka

කොකාවිට කුඩා ජලවිදුලි බලාගාරයට මුල්ගල තබමින් ඇමති කියයි
‘තව වසර 40කින් පමණ ඉන්ධනවල අවසන් වීමක් පෙන්නුම් කරන බවත් තෙල් නැති ලෝකයක පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනයක් ඇති කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සබරගමුව පළාතේ රත්නපුර, කලවාන ප්‍රදේශයේ මෙගා වොට් 1.5ක ධාරිතාවක් උත්පාදනය කළ හැකි කොකාවිට කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයට මුල්ගල තැබීමෙන් පසු පැවති උත්සවය අමතා රණවක මහතා එසේ කීය.

‘ජෛව ස්කන්ධ, සුළං, සුර්ය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්, අනාගත ලෝකයේ බලශක්ති ස්ථාවරභාවය වෙනුවෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. ඒ වෙනුවෙන් අපි අපේ පරිසරය ආරක්ෂා කරගත යුතු වෙනවා. පරිසරය රැකගත්තොත් බලශක්තියෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහිකරගන්න අපට හැකි වෙනවා.

මුළු දිවයින ම ආවරණය වන පරිද්දෙන් වසර 2012 වන විට විදුලියනය 100%ක් බවට පත්කිරීමේ අභියෝගය යථාර්ථයක් බවට පත්කිරීමට ප්‍රාදේශීය වශයෙන් ඉදිකරනු ලබන කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයන් ඉතා විශාල දායකත්වයක් ලබාදෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව යමින් 2020දී මූලික විදුලි සැපයුමෙන් 20%ක ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්තිය තුළින් ලබාගැනීම අරමුණ’ බව ද අමාත්‍යවරයා පැවසීය.

HC/DR-MOPE