Wednesday, Dec 13th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන සරසවි ජ්‍යෙෂ්ඨයන්ටත් නේවාසික නායකත්ව පුහුණුවක්

සරසවි ජ්‍යෙෂ්ඨයන්ටත් නේවාසික නායකත්ව පුහුණුවක්

  • පී.ඩී.එෆ් (PDF)
උසස් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන ''ව්‍යවසායකත්වය සහ පරිපාලන සංවර්ධනය සඳහා වූ නායකත්වය“ පස් දින නේවාසික වැඩමුළුව අද (28) උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දී පැවැත්වේ.

නවීන ලෝකයට ගැළපෙන පරිදි උසස් අධ්‍යාපනයේ ව්‍යුහගත වෙනසක් ඇතිකිරීම සඳහා ''දැනුම සපිරි ජවයෙන් පෙරට'' යන තේමාව යටතේ විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මේ පළමු වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මේ සඳහා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබුණු බවත් ඉන් 500කට පමණක් නේවාසික පුහුණුව ලබාදීමට බලාපොරොත්තු වන බවත්  උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසී ය.

හමුදා පුහුණු මධ්‍යස්ථානවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පාඨමාලාව පැවැත්වීමට අදහස් කළ බවත් මීළඟ පියවරේ දී තවත් සිසුන් 500කට අවස්ථාව ලබාදෙන බවත් ලේකම්වරයා පැවසී ය.

PR