Wednesday, Dec 13th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන ඌව පළාත් කී‍්‍රඩා සංකීර්ණයට මුල්ගල්

ඌව පළාත් කී‍්‍රඩා සංකීර්ණයට මුල්ගල්

  • පී.ඩී.එෆ් (PDF)
Sports_Complex

රුපියල් මිලියන 375ක වියදමින් ඉදිකෙරෙන ඌව පළාත් කී‍්‍රඩා සංකීර්ණයට මුල්ගල් තැබීම ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ල වින්සන්ට් ඩයස් කී‍්‍රඩාංගණයේදී සිදුකෙරිණි.

යෝජිත කී‍්‍රඩා සංකීර්ණයට මීටර් 400 ධාවන පථයක්, පුහුණු ධාවන පථයක්, අංග සම්පූර්ණ පේ‍්‍රක්ෂකාගාරයක්, මීටර් 50 ප‍්‍රමාණයේ පිහිනුම් තටාකාංගනයක්, ගෘහස්ත කී‍්‍රඩාගාරයක් හා වෛද්‍ය ඒකකයක් ඇතුළු ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයකට ඇතුළත් විය යුතු තවත් අංග රැසක් අයත් වේ.

මෙහි ඉදිකිරීම් ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් සිදුකරනු ලබන අතර ඉදිරි වසරේ අගභාගය වන විට ඉදිකිරීම් කටයුතු නිමකොට ජනතා අයිතියට පත්කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට යළි පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන්,  ඌව පළාත් කී‍්‍රඩා හා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය අකලන් සෙන්දිල් තොන්ඩමන් යන මහත්වරුන් ඇතුළු දේශපාලඥයින් රැසක් ද, රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

KMB