Wednesday, Dec 13th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන ප්‍රථම වරට මෙරට ආයුර්වේද සම්බාහන පාඨමාලාවක්

ප්‍රථම වරට මෙරට ආයුර්වේද සම්බාහන පාඨමාලාවක්

  • පී.ඩී.එෆ් (PDF)
Ayurvedic_Treatment

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයෙන් පැවැත්වූ ප්‍රථම ආයුර්වේද සම්බාහන පුහුණු සහතික පත්‍ර පාඨමාලාවේ පුහුණුව 29 දෙනෙකු විසින් අවසන් කරනු ලැබ ඇතැයි ආයුර්වේද කොමසාරිස් පාලිත වීරකෝන් මහතා පවසයි.

මෙම පුහුණු පාඨමාලාව මෙම වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස මැද භාගය දක්වා පැවැත්විණි.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට දායකත්වය දැක්වීමටත්, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ නීතිමය රාමුව සවිබල ගැන්වීම සඳහාත් මෙය රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විශේෂයෙන් ම ආයුර්වේද වෙදකම, ආයුර්වේද සම්බාහනයන් සමගින් පරිසරය සමග එක් ව කායික මානසික නිරෝගීභාවය ලබාගැනීම වෙත අද මුළු ලෝකය ම ආකර්ෂණය වෙමින් පවතී. මේ තත්ත්වය මගින් සංචාරක ව්‍යාපාරය වඩ වඩාත් වර්ධනය කිරීමටත්, එමගින් ආර්ථික සංවර්ධනයට වටිනා අවස්ථා රැසක් උදාකර ගැනීමටත් හැකිවනු ඇත.

KMB