Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන පාසල්වලට ළමා ආරක්ෂක කමිටු

පාසල්වලට ළමා ආරක්ෂක කමිටු

  • පී.ඩී.එෆ් (PDF)

දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් පාසල් තුළ ළමා ආරක්ෂක කමිටු පිහිටුවීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සැලසුම් කොට ඇත.

මේ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව දීපව්‍යාප්ත වශයෙන් මෙම පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටුවයි.

දිවයින පුරා පාසල් තුළ ළමා හිතකාමී පරිසරයක් ගොඩනගමින්, දරුවන් සියලු ම ආකාරයේ අපයෝජනයන්ගෙන් වළක්වා, ඔවුන්ට සොඳුරු ළමා වියක් උරුම කරදීමට අවශ්‍ය මැදිහත්වීම මෙහිදී සිදුකරයි.

මෙම වැඩසටහනේදී දරුවන් මුහුණ දෙන විවිධාකාර ගැටලු සහ ඔවුන්ගේ අදහස් රහස්‍යතාවෙන් යුතු ව අනාවරණය කරගැනීම සඳහා ‘සිනහ කඳුළු පෙට්ටිය’ නමින් ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.

මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භක උළෙල හෙට (29) ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

KMB