Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන දියවර සවියෙන් කෝටි 30ක ණය ආධාර

දියවර සවියෙන් කෝටි 30ක ණය ආධාර

  • පී.ඩී.එෆ් (PDF)
Rajitha

අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න
දියවර සවිය ණය යෝජනා ක්‍රමය යටතේ ධීවර ප්‍රජාවට ණය ලබා දීම සඳහා රු. කෝටි 30ක් වෙන් කර ඇති බවත් එම මුදල් සුනාමියෙන් හානියට පත් වූ ධීවර කර්මාන්තයේ නියුතු දිස්ත්‍රික්ක 07ක සිටින ප්‍රජාවට ලබා දීමට කටයුතු යොදා ඇති බවත් ඒ තුළින් ධීවර ගෘහණියන් ව්‍යවසායකයින් බවට පත් කෙරෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පවසන්නේ පසුගියදා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයේ ගෘහණියන්ට දියවර සවිය ණය යෝජනා ක්‍රමය යටතේ ණය ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි.

එම අවස්ථාවේ ලබා දුන් ණය මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 80කි. මෙහි දී ධීවර කතුන්ට මහන මැෂින්, තරාදි ඇතුළු ස්වයංරැකියා සඳහා අවශ්‍ය උපකරණ ද බෙදාදෙන ලදී. ධීවර සවිය ස්වයං රැකියා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ IFAD ව්‍යාපෘතිය යටතේ පිහිටුවා ඇති පශ්චාත් සුනාමි වෙරළ පුනරුත්ථාපන හා සම්පත් කළමනාකරණ වැඩසටහනේ ප්‍රතිපාදනය  මගිනි.

මෙම ණය යෝජනා ක්‍රමය සුනාමි ව්‍යවසනයට ලක් වූ කළුතර, ගාල්ල,  මාතර, හම්බන්තොට, අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන් හි ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ ධීවර ගෘහණියන් 3000කට පමණ රු. 100,000 බැගින් ණය ලබා දී ඇත. මෙම ණයලාභීන් ආපසු ගෙවිය යුත්තේ රු. 80000ක මුදලක් වන අතර ඒ සඳහා වසරකට 5.5%ක සුළු පොලියක් අය කෙරේ.

මෙහි දී  අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙම වැඩසටහන ධීවර ජනතාවට ධෛර්යය හා ශක්තිය ලබා දෙන වැඩසටහනක් බවත් ධීවර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මෙම ණය යෝජනා ක්‍රමය සඳහා ලංකා බැංකු විසින් රු. මිලියන 3000ක් වෙන් කර ඇති බවත් පැවසීය.

ධීවර ණය ලබා ගැනීමට මේ වන විට අයදුම් පත් 8000ක් පමණ ලැබී තියෙනවා. අපේ ඉල්ලීම අනුව ඉදිරි අය-වැය ලේඛනයෙන් ධීවර ජනතාව වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. මෙම ණය සඳහා රු. ලක්ෂ 20ක් වන තුරු පොලිය 9.5%යි. ධීවර අමාත්‍යාංශයෙන් 4%ක් ගෙවන නිසා ධීවර ප්‍රජාවට දරන්න වෙන්නේ සුළු පොලියක්. රු. ලක්ෂ 20 සිට 100 දක්වා ණය ලබා ගැනීමේ දී පොලිය 12%ක් වුවත් ඉන් 4%ක් අපි ගෙවන නිසා ජනතාවට දැරිය යුත්තේ 8%ක් පමණක් බවත් ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

NDH