Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන රණ විරු දූදරු ශිෂ්‍යත්ව නවවැනි අදියර

රණ විරු දූදරු ශිෂ්‍යත්ව නවවැනි අදියර

  • පී.ඩී.එෆ් (PDF)
ranaviru_scholarship_2
ranaviru_scholarship_3
ranaviru_scholarship_4
ranaviru_scholarship_5

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක රණ විරු දූ දරු ශිෂ්‍යත්ව වැඩපිළිවෙළේ නව වැනි අදියර යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය සාර්ථක ව අද (29) ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ආරක්ෂක ලේකම්තුමාගේ හා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම වැඩපිළිවෙළ යටතේ මේ වන විට පාසැල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව පන්සියයට අධික ප්‍රමාණයක් පිරි නමා ඇති අතර මේ සඳහා සුදුසුකම් ලබන්නේ ත්‍රිවිධ හමුදා හා පොලිස් සේවයේ ක්‍රියාන්විත රාජකාරින්හිදී මියගිය, අතුරුදහන් හා ආබාධිත තත්ත්වයට පත් රණ විරුවන්ගේ අධ්‍යාපනය ලබන දුවාදරුවන්ය. මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 12කට අධික මුදලක් රණ විරු දූදරුවන් වෙනුවෙන් ප්‍රදානය කර ඇත. මෙවර පැවති නව වන අදියරේ ශිෂ්‍යත්ව ප්‍රදානයේ දී දූදරුවන් 40 දෙනෙක් ශිෂ්‍යත්ව ලැබූ අතර පිළිවෙළින් යුද හමුදාව වෙත ශිෂ්‍යත්ව 25ක්, ගුවන්, නාවුක හා පොලිස් සේවය වෙනුවෙන් ශිෂ්‍යත්ව 05 බැගින් හිමි විය.

මෙම ශිෂ්‍යත්ව ලැබූ දූදරුවන් වෙනුවෙන්
පාසලේ 1 වසර සිට 5 වසර දක්වා - රුපියල් 20,000ක්
පාසලේ 6 වසර සිට 8 වසර දක්වා - රුපියල් 30,000ක්
පාසලේ 9 වසර සිට ඉහළට - රුපියල් 50,000ක් වශයෙන් බැංකු ගිණුම් සඳහා පාස්පොත් හා මහජන බැංකුව වෙතින් ඒ සෑම දරුවෙක් සඳහා ම පාසල් පොත් බෑගයක් හා පොත් කට්ටලයක් ලබාදීම සිදුවිය.

මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා හා පොලිස් දෙපාර්තමේන්තු නියෝජනය කරමින් සේවා වනිතා සභාපතිනියන්, සුබසාධක අධ්‍යක්ෂකවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ශිෂ්‍යත්ව ලැබූ දූදරුවන්ගේ දෙමාපියන් පිරිසක් ද සහභාගි වූහ.

Hc/MOD