Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන විදෙස්ගත වන ශ‍්‍රමිකයන්ට නොමිලේ පරිගණක පුහුණුව

විදෙස්ගත වන ශ‍්‍රමිකයන්ට නොමිලේ පරිගණක පුහුණුව

  • පී.ඩී.එෆ් (PDF)
FEB_30-09-2011

විදේශ රැකියා සඳහා පිටත් ව යන ශ‍්‍රමිකයන්ට නොමිලේ තොරතුරු තාක්ෂණය ආශ‍්‍රිත දැනුම ලබාදීමේ ව්‍යපෘතියක් සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනය හා ශ‍්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී සංගමය සමඟ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගිවිසුමකට එළැඹ ඇත.

විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා හා මයික්‍රොසොෆ්ට් සමාගමේ ආසියා ශාන්තිකර කලාපීය සභාපති ‍ට්‍රේසි ෆෙලෝ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන්  ගිවිසුම් අත්සන් කිරීම සිදුවිය.

විදේශගත වන පුද්ගලයන්ට අමතර ව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු පරිගණක දැනුම නංවාලීම ද මෙම ව්‍යාපෘතිය මගින් සිදුකිරීමට අපේක්ෂා කෙරේ.

දෛනික සේවා කටයුතු පහසු කිරීම, තොරතුරු තාක්ෂණය හරහා ශ‍්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල් අතර මනා සබඳතාවක් පවත්වා ගැනීමට හුරු කිරීම,  ශ‍්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් වූ නිසි මාර්ගෝපදේශනය ලබාදීම ද ව්‍යාපෘතියේ අපේක්ෂිත ප‍්‍රතිඵල අතර වේ.

2007-2008 වසරවල ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ප‍්‍රථම හා දෙවන අදියර මගින් මධ්‍යස්ථාන 10ක දී විදෙස්ගත වූ ශ‍්‍රමිකයන් 15000කට පමණ පරිගණක දැනුම ලබා දී ඇති අතර ව්‍යාපෘතියේ තෙවන අදියරේ දී උතුරු නැගෙනහිර පළාත් ඇතුළු ව දිවයිනේ සියලු ම පළාත් ආවරණය වන පරිදි මධ්‍යස්ථාන පිහිටුවීමට අපේක්ෂා කෙරේ.

සිංහල හා දමිළ භාෂා මාධ්‍යයන්ගෙන් මෙම මධ්‍යස්ථානවල ඉගැන්වීම් සිදුකෙරේ.

KMB