Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය

ප්‍රාදේශීය

කුරුණෑගල දිස්ත්‍රික් කලා මහෝත්සවය අද

  • පී.ඩී.එෆ් (PDF)

කුරුණෑගල දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය අද (27) පෙරවරුවේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත බව කුරුණෑගල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

ලෝක ළමා දිනයට මාතලෙන් 'සිතුවිලි සිතුවම්'

  • පී.ඩී.එෆ් (PDF)

world_children_day_01ඔක්තෝබර් 01 වෙනිදාට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමී ව ඔක්තෝබර් 01 වෙනිදා සිට 03 දක්වා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු යොදා ඇතැයි මාතලේ අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

සංචාරක දිනය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් බඩගමුවේ දී

  • පී.ඩී.එෆ් (PDF)

'සංචරණය හා සංස්කෘතිය අතර සබැඳියාව'
badagamuwaඅදට (27) යෙදී තිබෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ලබන මස 01 වෙනිදා සිට 03 වෙනිදා දක්වා කුරුණෑගල දඹුලු පාරේ බඩගමුව සංචාරක තොරතුරු හා පහසුකම් මධ්‍යස්ථානය පිහිටි භූමියේ සංස්කෘතික සංදර්ශනයක් හා සංස්කෘතික ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කුරුණෑගල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

ලෝක ළමා දින සැමරුමක් වීරකැටියේ දී

  • පී.ඩී.එෆ් (PDF)

world_children_dayඔක්තෝබර් 01 වෙනි දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පැවැත්වීමට වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇතැයි හම්බන්තොට අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

අම්පාර දමනට 'ජන සෙවණ' නිවාස ගම්මානයක්

  • පී.ඩී.එෆ් (PDF)

අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නීත්තගම 'ජන සෙවණ' නිවාස ගම්මානයේ ඉදිකිරීම් අද (26) ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ‍ වේ.