Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය

ප්‍රාදේශීය

මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව හෙට

  • පී.ඩී.එෆ් (PDF)

මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහභාගිත්වයෙන් පවත්වනු ලබන ප්‍රාදේශීය ලේකම් සමුළුව හෙට (27) උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී  පැවැත්වීමට කටයුතු යොදා  ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.

රජය මහනුවරින් මිලියන 23ක වී මිල දී ගනී

  • පී.ඩී.එෆ් (PDF)

මෙවර යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමත් සමඟ රජය වී මිල දී ගැනීමේ කටයුතු ද ක්‍රියාත්මක කළ අතර මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට රුපියල් මිලියන 23ක වී රජය මඟින් මිල දී ගෙන ඇති බව ගොවිජන සංවර්ධන ‍අමාත්‍යාංශයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.එම්.එස්. සේනාරත්න මහතා පැවසූ බව මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දන්වයි.

කෑගල්ල සාහිත්‍ය කලා උත්සවය 27 වෙනිදා

  • පී.ඩී.එෆ් (PDF)
kegalle_town_hallජාතික කලා මහෝත්සවයට සමගාමී ව දිස්ත්‍රික් මට්ටමින් පවත්වන කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය කලා උත්සවය මේ මස 27 දින පෙ.ව 9.00ට කෑගල්ල නගර ශාලාවේ දී පැවැත්වෙන බව කෑගල්ල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

පොලොන්නරුව වී ගැනීමට මිලියන 350ක්

  • පී.ඩී.එෆ් (PDF)
paddy_harvestපොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 350ක ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලබා දී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී එම්.එස්. මුහමදු කාසිම් මහතා පැවසූ බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

විනීත ව රිය පැදවීම ගැන දැනුවත් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

road_signසූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කෙයා ජාත්‍යන්තර ආයතනය එක් ව විනීත ව රිය පැදවීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ බව හම්බන්තොට අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.