Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය

ප්‍රාදේශීය

ප්ලාස්ටික් ඇසුරුම් නැතිනම් අත්අඩංගුවට ගත හැකියි

  • පී.ඩී.එෆ් (PDF)

කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම්
කිලෝ 25ට වැඩි එළවළු සහ පලතුරු ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් හෝ වේවැල් කුඩ භාවිත කිරීම මේ වන විට අනිවාර්ය ‍ කොට ඇති බැවින් එසේ ක්‍රියා නොකරන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට හැකි බවත් මේ පිළිබඳ ව ‍‍පොලිසිය දැනුවත් ‍‍කොට ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය ඩී.බී.ටී. විජේරත්න මහතා පැවසූ බව මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

මහනුවර ගොවීන් කාබනික පොහොර භාවිතයට යොමු කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

karunarathnaමහනුවර අතිරේක දිස්ත්‍රික් ‍ලේකම්
මෙවර මහ කන්නය සඳහා රජය වී වගාවට පොහොර සහනාධාරය ක්‍රියාත්මක කරන අතර ම රසායනික පොහොර භාවිතය අඩු කරමින් කාබනික පොහොර භාවිතයට ගොවින් යොමු කිරීම සඳහා කෘෂිකර්ම නිලධාරින් විවිධ වැඩසටහන් සංවිධානය කළ යුතු බව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් කුමුදු කරුණාරත්න මහත්මිය පැවසුවේ යැයි මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

වවුනියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනයට කෝටි 232.68ක්

  • පී.ඩී.එෆ් (PDF)


වවුනියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා රු. කෝටි 232.68ක මුදලක් වෙන් කර ඇතැයි පසුගියදා පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අනාවරණය වූ බව වවුනියාව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

රජයේ නිලධාරීන් නැහැ බැහැ නොකියා වැඩ කළ යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)

DptySp_Chandima_Werakkodyමහජනතාව වෙනුවෙන් සේවය කිරීමේ දී රජයේ නිලධාරීන් වශයෙන් සෑම වි‍ට ම නැහැ බැහැ කීම වෙනුවට ඒ දෙස සුබවාදී ව බලා මහජනතා‍වගේ අවශ්‍යතා සිදු කළ හැකි ක්‍රමවේද සහ ක්‍රියා මාර්ග සොයා ගැනීමට කටයුතු කළ යුතු බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත් සමාජ සත්කාර සතිය

  • පී.ඩී.එෆ් (PDF)

අද 'දූ පුතු මාපිය සෙවණ' දිනයයි

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන සමාජ සත්කාර සතියේ ''දූ පුතු මාපිය සෙවණ '' වැඩසටහන අද (21) ක්‍රියාත්මක වේ.