Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය

ප්‍රාදේශීය

බස්නාහිර පළාත් සමාජ සත්කාර සතිය

  • පී.ඩී.එෆ් (PDF)

අද වැන්දඹු දිරිය මාතා දිනයයි
බස්නාහිර පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරන ලද සමාජ සත්කාර සතියේ වැන්දඹු දිරිය මාතා දිනය අද (20)ට යෙදී ඇත.

දිවි නැඟුමෙන් මහනුවරට ජලජීවී වගා ප්‍රචලිත කිරීමේ නව වැඩසටහනක්

  • පී.ඩී.එෆ් (PDF)

දිවි නැඟුම ව්‍යාපෘතිය ය‍ටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් අතර ජලජීවී වගාවන් ප්‍රචලිත කිරීමට ජලජීවි සංවර්ධන දෙපාර්තමේන්තුව ඉදිරිපත් වීමත් එහි දී පැනනඟින විවිධ අභියෝග සහ ගැටලු විසඳා ගනිමින් එම ව්‍යාපෘති සාර්ථක කර ගැනීම පිළිබඳ ව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට ප්‍රසංශාව හිමි වන බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසුවේ යැයි මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

රන් පදක්කම්ලාභී උපමාලිකාගේ නිවසට මුල්ගල තැබීම 22 වෙනිදා

  • පී.ඩී.එෆ් (PDF)

සිංගප්පූරුවේ පැවති 73 වැනි විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත් දඹුල්ලේ උපමාලිකා රත්නකුමාරි ක්‍රීඩිකාවට නව නිවසක් තනා දීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්මේ මස 22 වෙනිදා පෙ.ව 9.30ට  සිදු කරන බව මාතලේ අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

යළි පිබිදෙමු හා ගැමිදිරිය ගැන මාධ්‍ය හමුවක් පොලොන්නරුවේ

  • පී.ඩී.එෆ් (PDF)

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති 02ක් වන යළි පිබිදෙමු  සහ දෙවන ප්‍රජා සංවර්ධන හා ජීවන මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය එනම් ගැමි දිරිය යන ව්‍යාපෘති පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් හෙට (21) පෙ.ව 9.00ට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැත්වෙන බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

මහනුවර 11908ක ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා

  • පී.ඩී.එෆ් (PDF)


දිස්ත්‍රික් ලේකම්
ds_Kandyමේ වසරේ රුපියල් මිලියන 11908ක් වටිනා සංවර්ධන වැඩ සටහන් මහනුවර දිස්ත්‍රික්කය තුළ දැනට ක්‍රියාත්මක වන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.