Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය සංචාරක දිනය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් බඩගමුවේ දී

සංචාරක දිනය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් බඩගමුවේ දී

  • පී.ඩී.එෆ් (PDF)
badagamuwa

'සංචරණය හා සංස්කෘතිය අතර සබැඳියාව'
අදට (27) යෙදී තිබෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ලබන මස 01 වෙනිදා සිට 03 වෙනිදා දක්වා කුරුණෑගල දඹුලු පාරේ බඩගමුව සංචාරක තොරතුරු හා පහසුකම් මධ්‍යස්ථානය පිහිටි භූමියේ සංස්කෘතික සංදර්ශනයක් හා සංස්කෘතික ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කුරුණෑගල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

වයඹ පළාතේ සම්ප්‍රදායික සංස්කෘතික අංගයන් දෙස් විදෙස් ජනතාව අතර ප්‍රචලිත කළ හැකි අයුරින් මෙම සංස්කෘතික වැඩසටහන් සිදු කරනු ඇත.

'සංචරණය හා සංස්කෘතිය අතර සබැඳියාව' යන්න මෙවර සංචාරක දිනයේ තේමාවයි. එය තේමා කර ගනිමින් ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික සංගීතය, නැටුම් කලාව, සම්ප්‍රදායික ආහාර, ඇඳුම් ආයිත්තම්, අත්කම් භාණ්ඩ ආදී සංචරණයේ ප්‍රවර්ධනයක් සිදු කළ හැකි අංග මෙහිදී ක්‍රියාත්මක කිරීම ප්‍රධාන අරමුණු වේ.

NDH/ TL-DMU Kurunegala