Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය ලෝක ළමා දිනයට මාතලෙන් 'සිතුවිලි සිතුවම්'

ලෝක ළමා දිනයට මාතලෙන් 'සිතුවිලි සිතුවම්'

  • පී.ඩී.එෆ් (PDF)
world_children_day_01

ඔක්තෝබර් 01 වෙනිදාට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමී ව ඔක්තෝබර් 01 වෙනිදා සිට 03 දක්වා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු යොදා ඇතැයි මාතලේ අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

මාතලේ දිස්ත්‍රික්කයේ සංස්කෘතික මධ්‍යස්ථානවල හා පාසල්වල දරු දැරියන් විසින් සිතුවම් කරන ලද චිත්‍ර 500කට අධික ප්‍රමාණයක් මෙහි දී ප්‍රදර්ශනය කෙරේ. 'සිතුවිලි සිතුවම්' නමින් හඳුන්වා ඇති මෙම චිත්‍ර ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ලද චිත්‍ර අතරින් හොඳ ම චිත්‍ර තෝරා ත්‍යාග හා සහතික පත් පිරිනැමීමට ද කටයුතු යොදා ඇත.

චිත්‍ර ප්‍රදර්ශනය නොමිලේ පැවැත්වෙන අතර ඒ සඳහා කලාකාමී සහෘදයන් සියලු දෙනාට ම පැමිණෙන ලෙස අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ආරාධනා කර සිටියි.

NDH/ TA- DMU Matale