Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය කුරුණෑගල දිස්ත්‍රික් කලා මහෝත්සවය අද

කුරුණෑගල දිස්ත්‍රික් කලා මහෝත්සවය අද

  • පී.ඩී.එෆ් (PDF)

කුරුණෑගල දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය අද (27) පෙරවරුවේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත බව කුරුණෑගල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

දිස්ත්‍රික් සාහිත්‍ය තරගවලින් ජයගත් ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු කරන අතර ජන ගීයෙන් පිළිබිඹු වන ශ්‍රී ලාංකේය ජන සංගීතය යන මැයෙන් ප්‍රධාන දේශනය පවත්වන්නේ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා විසිනි.

මේ අවස්ථාවට සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විමල් රූබසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ විජිත් කණුගල යන මහත්වරු එක් වෙති.

NDH/ TL- DMU Kurunegala