Tuesday, Jul 17th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය 'සුවබර දිවියකට ව්‍යායාම' පොලොන්නරුවෙන්

'සුවබර දිවියකට ව්‍යායාම' පොලොන්නරුවෙන්

  • පී.ඩී.එෆ් (PDF)
polonnaruwa-_04

ලෝක හදවත් දිනයට සමගාමී ව පොලොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා උතුරු මැද ක්‍රීඩා අමාත්‍යාංශය එක් ව සංවිධානය කරන ලද 'සුවබර දිවියකට ව්‍යායාම' මැයෙන් ව්‍යායාම ජනප්‍රිය කිරීමේ වැඩසටහනක් ඊයේ (26) පෙරවරුවේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් ඉස්මත්තේ දී පැවැත්වූ බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

මේ අවස්ථාවට එක් වූ බෝ නොවන රෝග වැළැක්වීම පිළිබඳ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ආර්.එම්. ඉන්දික උදය කුමාර මහතා සඳහන් කළේ ලෝක තත්ත්වය හා දිවයිනේ තත්ත්වය සලකා බැලීමේ දී බෝ නොවන රෝග සීග්‍රයෙන් ව්‍යාප්ත වන බවයි. මේ සඳහා මූලික වන හේතු ලෙස පෙන්වා දුන්නේ මත් ද්‍රව්‍ය භාවිතය, ආහාර රටාවේ විෂම පුරුදු හා ව්‍යායාම නොමැතිවීම යනාදියයි.

සියලු ක්ෂේත්‍රවලට සම්බන්ධ ජන සහභාගිත්වයෙන් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීමෙන් ව්‍යායාම කෙරෙහි ජනතාව නැඹුරු කර ගැනීම අභිප්‍රාය වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

NDH/ WK- DMU Polonnaruwa