Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය කෝට්ටේ මාර්ග 23ක් කාපට් කර සංවර්ධනයට‍

කෝට්ටේ මාර්ග 23ක් කාපට් කර සංවර්ධනයට‍

  • පී.ඩී.එෆ් (PDF)
MP_susil_premajayantha

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත
ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට අයත් මාර්ග 23ක් ලබන මස අවසන්වීමට ප‍්‍රථම සම්පූර්ණයෙන් කාපට් කර ජනතා අයිතියට පැවරීමට නියමිත බව එම නගර සභා සංවර්ධන කමිටුවේ සභාපති හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප‍්‍රකාශ කරයි.

මෙම මහ නගර සභාවට අයත් මාර්ග 20ක් සම්පූර්ණයෙන් කාපට් කර ජනතා අයිතියට පැවරීමට මුලින් තීරණය කර තිබූ නමුත් තවත් මාර්ග 3ක් ද ඇතුළත් කර මාර්ග 23ක් කාපට් කිරීමට කෝට්ටේ සංවර්ධන කමිටු සභාපති පේ‍්‍රමජයන්ත මහතා යෝජනා කර තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස රුපියල් ලක්‍ෂ 2200 වියදමින් මෙම මාර්ග 23 කාපට් කිරීමට නියමිතය.

එම මාර්ග අතර විජයරාම පටුමඟ, දුම්රියපොළ පටුමඟ, එදිරිසිංහ පාර, සන්තානම්පිටිය පාර, බණ්ඩාරනායක පුර පාර යන මාර්ගවල කාපට් කිරීමේ කටයුතු අවසන් වී තිබේ.

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ මේ සඳහා මුදල් ලබා දෙනු ලැබේ.

කෝට්ටේ බල ප‍්‍රදේශයේ මාර්ග සංවර්ධනයට කිසි දිනක මේ තරම් මුදලක් වෙන් නො වූ බවත් එක් මාර්ගයක් සඳහා රුපියල් කෝටියක් පමණ යොදවා මෙම මාර්ග කාපට් කළ පසු වෙනත් නළ මාර්ග සඳහා කිසි ම විටක මාර්ග කඩන්නට ඉඩදෙන්නේ නැති බවත් අමාත්‍යවරයා පවසයි.

Hc