Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය දැදුරුඔයෙන් කුරුණෑගලට පානීය ජල ව්‍යාපෘතියක්

දැදුරුඔයෙන් කුරුණෑගලට පානීය ජල ව්‍යාපෘතියක්

  • පී.ඩී.එෆ් (PDF)
Dinesh

ග්‍රාම නිලධාරී වසම් 30ක පුද්ගලයින් 71000කට සෙත සැලසෙන පරිදි ජල සම්පාදන ව්‍යාපෘතියක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි කුරුණෑගල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

මේ සඳහා උපදෙස් ලබා දී ඇත්තේ ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

කුරුණෑගල නගරයේ හා අවට ජනතාවගේ ජල ගැටලුව විසඳීම මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අරමුණයි. මේ සඳහා වැය වන මුදල රු. මිලියන 119කි.

මෙම ජල ව්‍යාපෘතිය දැදුරු ඔය මූලාශ්‍ර කර ගනිමින් ආරම්භ කරන අතර ජල සම්පාදන හා සනීපාරක්ෂක ලෙස අංශ දෙකක් යටතේ මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

NDH/ TL- DMU Kurunegala