Wednesday, Dec 13th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය විහාරස්ථාන හරහා පොල් වගාව ව්‍යාප්ත කරයි

විහාරස්ථාන හරහා පොල් වගාව ව්‍යාප්ත කරයි

  • පී.ඩී.එෆ් (PDF)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පොල් වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලයේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය කටයුතු යොදා ඇතැයි කුරුණෑගල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

එක් විහාරස්ථානයකට උපරිමය පොල් පැළ 10 බැගින් ලබා දීමට කටයුතු යොදා ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාර ඩබ්.එම්. ඒකනායක මහතා ප්‍රකාශ කරන ලදී.

NDH/ TL- DMU Kurunegala