Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය මහනුවර වතු ආශ්‍රිත ව වොලිබෝල් තරගාවලියක්

මහනුවර වතු ආශ්‍රිත ව වොලිබෝල් තරගාවලියක්

  • පී.ඩී.එෆ් (PDF)
wolleyball

'මහින්දානන්ද අලුත්ගමගේ අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය'
මහනුවර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත තරුණ ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ලබන මස වොලිබෝල් තරගාවලියක් පැවැත්වීමටත් එහි සමාරම්භක උත්සවය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 01 දින පන්විල පොලිස් ක්‍රිඩාංගණයේ පැවැත්වීමටත් කටයුතු යොදා ඇතැයි මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

'මහින්දානන්ද අලුත්ගමගේ අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය' ලෙස නම් කරන ලද මෙය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කර ඇති බව  දිස්ත්‍රික් ක්‍රීඩා අංශය දැනුම් දෙයි. වොලිබෝල් තරග පන්විල පොලිස් ක්‍රිඩාංගණය, ගම්පොළ සෝගම් වතු යාය, දෙල්තොට, දොළුවථ මපෛයිමගල් විද්‍යාලය ඇතුළු මධ්‍යස්ථාන 0ක දී  පැවැත්වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ව වොලිබෝල් ක්‍රීඩාව ජනප්‍රිය කරවීමටත් වතු ආශ්‍රිත තරුණයින්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප් නංවමින් ඔවුන් ජාතික තලයට රැගෙන යා‍මත් මෙවැනි තරගාවලියක් පැවැත්වීමේ අරමුණු වේ.

තරගා සඳහා සහභාගි වන සෑම කණ්ඩායමකට ම වොලිබෝලයක් සහ දැලක් ලබා දීමට නියමිත අතර ප්‍රථම ස්ථානය සඳහා රු. 10000ක් ද දෙවන ස්ථානයට රු. 7500ක් හා තෙවන ස්ථානයට රු. 5000ක් වශයෙන් මුදල් ත්‍යාග පිරිනැමීම ද කටයුතු යොදා ඇත. විශේෂයෙන් ම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට රු. 3000ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ද කටයුතු යොදා ඇති බව දිස්ත්‍රික් ක්‍රිඩා අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

NDH/ GNK- DMU Kandy