Wednesday, Aug 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය අනුරාධපුර දහම් පාසැල් නැංවීමට භෞතික සම්පත්

අනුරාධපුර දහම් පාසැල් නැංවීමට භෞතික සම්පත්

  • පී.ඩී.එෆ් (PDF)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසැල් අධ්‍යාපනය නැංවීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබා දීමට උතුරු මැද පළාත් සභාව පියවර‍ ගෙන ඇත.

මේ යටතේ දහම් පාසැල් සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබා දෙන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 10කි.

අදාළ වැඩසටහන ක්‍රියාවට නංවමින් කුට්ටම් පොකුණ දෙවන පියවර මේඝවන විහාරය හා පුල්ලයාර හන්දිය බෝධි රුක්ඛාරාමය ආදී දහම් පාසැල් සඳහා රුපියල් තිස් දහස බැගින් වටිනා උපකරණ ප්‍රධාන කෙරිණි.

දැහැමි සමාජයක් නිර්මාණය කිරීමෙහිලා දරුවන් දහම් පාසැල් වෙත නැඹුරු කිරීම අතිශය වැදගත් බව එම අවස්ථාවට එක් වෙමින් පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා ඉරිදා දිනයේ උදය කාලයේ දී පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ නීති ගෙන ඒමට මෙවර මහ ඇමැති සමුළුවේදී ප්‍රධාන අමාත්‍යවරුන් තීරණයකට එළැඹී බවද කීය.

DB