Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය මහනුවර දිවි නැඟුමට සමගාමි ව රූපලාවන්‍ය වැඩමුළුවක්

මහනුවර දිවි නැඟුමට සමගාමි ව රූපලාවන්‍ය වැඩමුළුවක්

  • පී.ඩී.එෆ් (PDF)
beauty_culture

දිවි නැඟුම ජාතික වැඩසටහනට සමගාමී ව රූපලාවන්‍ය වැඩමුළුවක් අද (29) පෙ.ව 9.00ට පොල්ගොල්ල සමූපකාර සංවර්ධන ආයතනයේ පැවැත්වීමට නියමිත බව මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

මෙම වැඩමුළුව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා‍ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරේ. දිවි නැඟුම ප්‍රතිලාභි පවුල් ඒකක තුළ කර්මාන්ත හා ව්‍යාපාර වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන ආරම්භ කරන බව දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂ ජයන්ත ධනපාල මහතා සදහන් කරයි.

දිස්ත්‍රික්කයෙන් තෝරා ගත් අයදුම්කරුවන් 200ක් වැඩසටහනට සම්බන්ධ කර ගන්නා බවත් නේචර් සීක්‍රට් ආයතනය සම්පත් දායකත්වය හා තාක්ෂණික සහය ලබා දීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.


NDH/ GNK- ISB-DMU Kandy