Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය දරුවන්ගේ කුසලතා එළිදක්වන සංස්කෘතික උළෙලක් මාතර දී

දරුවන්ගේ කුසලතා එළිදක්වන සංස්කෘතික උළෙලක් මාතර දී

  • පී.ඩී.එෆ් (PDF)
world_children_day_2

'මේ දරු කාගේ- ඔබගේ අපගේ- සුරකිමු රට දැය වාගේ'

මාතර දිස්ත්‍රික් ළමා නිවාස දරුවන්ගේ රංගන හා ගායන කුසලතා එළිදක්වන සංස්කෘතික උළෙලක් අද (29) පෙ.ව 8.30 සිට මාතර, කැකුණදුර "ඔබ මම" ළමා ගම්මානයේ පැවැත්වීමට නියමිත බව මාතර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

'මේ දරු කාගේ- ඔබගේ අපගේ- සුරකිමු රට දැය වාගේ' යන තේමාව යටතේ දකුණු පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික් පරිවාස හා ළමා රක්ෂක සේවා කාර්යාලය මගින් මෙම සංස්කෘතික උළෙල සංවිධානය කර ඇත.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරල, මාතර දිස්ත්‍රික් මහේස්ත්‍රාත් උදේශ් රණතුංග, මාතර අතිරේක මහේස්ත්‍රාත් කේ.ජී.දුලානි අමරසිංහ හා දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා පළාත් කොමසාරිස් ගාමිණී වීරවික්‍රම යන මහත්ම මහත්මීන් සහභාගීවීමට නියමිතයි.


NDH/ TI- DMU Matara