Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය පුර නැඟුමෙන් වයඹ සංවර්ධනයට පියවර

පුර නැඟුමෙන් වයඹ සංවර්ධනයට පියවර

  • පී.ඩී.එෆ් (PDF)

පුර නැඟුම ව්‍යාපෘතිය යටතේ වයඹ පළාත් සභා බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතන 13ක සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 6500ක මුදලක් වෙන් වී ඇතැයි වයඹ ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා පැවසූවේ යැයි කුරුණෑගල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

මෙම වැඩපිළිවෙළට සමගාමී ව ග්‍රාමීය මාර්ග හා පාලම් සංවර්ධනය, පානීය ජල ව්‍යාපෘතීන්, මහජන පොළ සංවර්ධනය, සායන මධ්‍යස්ථාන ඉදිකිරීම ආදී ජනතා සුබසිද්ධියට ඍජු ව ම බලපාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එක් පළාත් පාලන ආයතනයක් සඳහා රු. ලක්ෂ 500ක් වෙන් කර ඇති අතර ව්‍යාපෘති සකස් කිරීමේ දී ආරම්භයේ සිට අවසානය දක්වා මහජන සහභාගිත්වය ලබා ගැනීමට කටයුතු කෙරේ.

 වයඹ පළාතේ  පුර නැඟුම ව්‍යාපෘතිය වසර 03ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම කාල සීමාවේ ක්‍රමවත් ව හා කඩිනමින් ඉටු කළ යුතු හා ආරම්භ කරන ව්‍යාපෘතියට අදාළ ඉඩමේ අයිතිය අදාළ පළාත් පාලන ආයතනය සතු විය යුතුය.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින්  පුර නැඟුම ක්‍රියාත්මක කරන බව වයඹ ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


NDH/ TL- DMU Kurunegala