Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය පොලොන්නරුවේ සංවර්ධනයට ආර්ථික සංවර්ධනයෙන් මිලියන 713ක්

පොලොන්නරුවේ සංවර්ධනයට ආර්ථික සංවර්ධනයෙන් මිලියන 713ක්

  • පී.ඩී.එෆ් (PDF)

පොලොන්නරුවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ වන විට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය රුපියල් මිලියන 713ක මුදලක් වෙන් කර ඇති බවත් එයින් රුපියල් මිලියන 416ක් සංවර්ධන ව්‍යාපෘති සඳහා වියදම් කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පැවසුවේ යැයි පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද දිස්ත්‍රික් සංවර්ධනය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක් වෙමිනි.

මේ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සූරියප්පෙරුම හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහත්වරු විසින් දේශන පැවැත්වූ අතර ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියාරච්චි හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක යන මහත්වරු ද එක් ව සිටියහ.

NDH/ BG- DMU Polonnaruwa