Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය ‘සේවා පියස‘ මධ්‍යස්ථාන පොලොන්නරුවේ පිහිටුවයි

‘සේවා පියස‘ මධ්‍යස්ථාන පොලොන්නරුවේ පිහිටුවයි

  • පී.ඩී.එෆ් (PDF)
polonnaruwa-_01

මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ගමට රාජ්‍ය සේවය වඩාත් සමීප කරලීමේ අරමුණින් ක්‍රියාත්මක 'සේවා පියස' වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  සේවා පියස කිහිපයක් පසුගියදා ජනතා අයිතියට පත් කළ බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩවෙල හා කුරුප්පු හන්දිය ග්‍රාම නිලධාරී වසම්වල අභිනවයෙන් ඉදිකළ සේවා පියස ජනතා අයිතියට පත් කිරීම ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ යටතේ ගමට සේවය කිරීම සඳහා යොදවා ඇති නිලධාරීන් සියලු දෙනාගෙන් එක ම ස්ථානයක දී සේවාවන් සපයා ගැනීමට ජනතාවට හැකියාව ලැබේ. ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මෙම සේවා පියස යටතේ ජනතාවට සේවාවන් සපයනු ඇත.

ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා ඉටු කර ගැනීමේ දී මෙතෙක් පැවති දුෂ්කරතාවයන් බොහොමයක් මෙම වැඩසටහන තුළින් මගහැරී යන බව  තමනක්ඩුව ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.ඩී.එස්. ඒකනායක මහතා මේ අවස්ථාවට එක් වෙමින් ප්‍රකාශ කරන ලදී.


NDH/ WK- DMU Polonnaruwa