Saturday, May 27th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය දිඹුලාගල වාරිමාර්ග පිළිසකර කිරීමට රතුකුරුස සහය

දිඹුලාගල වාරිමාර්ග පිළිසකර කිරීමට රතුකුරුස සහය

  • පී.ඩී.එෆ් (PDF)
polonnaruwa_2011-09-30-3


ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ පශ්චාත් ගංවතුර සහන වැඩසටහන යටතේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාරි ඇළ මාර්ග හා වැව් පිළිසකර කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

මේ වැඩපිළිවෙළ යටතේ දිඹුලාගල, දළුකාන අපවහන ඇළ මාර්ග දෙකක් සහ මඟුල්දමන ලංකා වැව පිළිසකර කිරීමේ කටයුතු අද (30) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

මේ සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය රු. ලක්ෂ 21ක මූල්‍ය ප්‍රතිපාදනය ලබා දී ඇත. පිළිසකර කිරීම් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධීක්ෂණය හා කාර්මික උපදෙස් මත ක්‍රියාත්මක කෙරේ.

දළුකාන අපවහන ඇළ මාර්ග පිළිසකර කිරීමෙන් කුඹුරු අක්කර 500ක් හදිසි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා කර ගැනීමට හැකි වන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ප්‍රකාශ කරයි.

මගුල්දමන ලංකා වැව පුළුල් කිරීමෙන් ගොවි පවුල් 190කට අධික පිරිසකට සෙත සැලසෙන අතර මේ යටතේ වගා කිරීමට හැකි වන කුඹුරු ප්‍රමාණය අක්කර 200ක් පමණ වේ. මේ තුළින් ගොවි පවුල්වල පානීය ජල අවශ්‍යතා ද සපුරා ගැනීමට අවස්ථාව සැලසේ.

මේ අවස්ථාවට දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් ආර්. නානායක්කාර, ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ පොලොන්නරුව ශාඛා විධායක නිලධාරී ගාමිණී නන්ද කුමාර, මහවැලි ඩී කලාපයේ නේවාසික කළමනාකරු රංජිත් පෙරේරා යන මහත්වරු එක් ව සිටියහ.

NDH/ WK- DMU Polonnaruwa